Colombo Today Local News

අලුත් පක්ෂය වෙනුවට සංසදයක්.. නායකයා මහින්ද.. සභාපති දිනේෂ්

mahinda 255රටපුරා විසිරී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වයට හිතැති පාක්ෂිකයන් ඒකරාශී කරගැනීම සඳහා නව සංසදයක් බිහි කිරීමට සියල්ල සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම සංසදය පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ආරම්භ වන්නක් වන අතර එම සංසදයේ ප්‍රධාන කාර්යය වන්නේ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය ලබාගැනීම සඳහා රජයට බලපෑම් කිරීම බව වාර්තා වේ.

ජාතික මැතිවරණයක් නොමැති අවස්ථාවක නව පක්ෂයක් බිහි කිරීම අනවශ්‍ය බවට මතයක් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර එකඟතාවක් පළවීම නිසා නව පක්ෂයක් බිහිකිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ. එහෙත් අවශ්‍ය අවස්ථාවකදී දැනට ලියාපදිංචි වී ඇති පක්ෂයකට ඒකාරාශී වීමට එකඟතාවක්ද එහිදී පළ වී තිබේ.

එමෙන්ම නව සන්ධානයක් බිහි කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ එකඟතාව ලැබී ඇති අතර, එහි නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෝරා පත්කර ගැනීමටත්, සන්ධානයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරීමටත් එකඟතාව පළවී තිබේ.

සන්ධානයේ ලේකම්, භාණ්ඩාගාරික, ප්‍රධාන සංවිධායක යන තනතුරු සඳහා සන්ධානය නියෝජනය කරන පැරණි මෙන්ම නවක ක්‍රියාශීලී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් යෝජනා වී ඇති අතර, ඒ සඳහා අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි

Related posts

ගොඩගත් ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කෙරේ.

colombotoday

මහනාහිමි තීරණය නොතැකේ.. ව්‍යවස්ථා මණ්ඩලයෙන් විමල් ගියාට ඒකාබද්ධය නොයයි !

colombotoday

දින 14ක් රට වසා දමන බවට සමාජ මාධ්‍යයේ පැතිරය යන ප්‍රචාර අසත්‍යක් – යුද හමුදාපති

colombotoday

විහාරස්ථානවලට දෙන ආධාර රජය කප්පාදු කරලා… විහාරස්ථාන නඩත්තු කිරීම ගැටළුවක් වෙයි..

colombotoday

රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක් මැතිසබේ අද විවාදයට

colombotoday

කොලොන්නාවේ කුඩු තිප්පොළක් කල කතක් බඩුත් එක්ක වටලයි

colombotoday