Colombo Today Local News

යතුරුපැදියක් ලොරි රථයක ගැටී අවුරුදු 2ක දැරියක් මරුට

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ දී සිදුවු රිය අනතුරකින් අවුරුදු 2ක් වයසැති දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියක් ලොරි රථයක් පසුකර යෑමේ දී යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් එම ලොරි රථයේ ගැටී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබු පැදිකරු, පසුපැදිකාරිය හා කුඩා දැරිය බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමේ දී දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත.

එලෙස මියගොස් ඇත්තේ කහබිලිය, දියතලාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

තුවාල ලැබු මව සහ පියා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

සජිත්ගේ පක්‍ෂය දෙදරයි.. මංගලට කුණු බැනුම්

colombotoday

අධිකරණ කටයුතුවලට බාධා කල රැට්ටා පොලිස් අත්අඩංගුවට

colombotoday

ආගමික සිද්ධස්ථානයන්හි පුද්ගල එක්රැස්වීමට අවසර

colombotoday

එජාප තරුණ නායකත්වය විනාශ කිරීමේ මෙහෙයුමක්.. ජනපතිත් හවුල් – සුජීවගෙන් චෝදනා

colombotoday

ගාලු මුවදොර පිටියේ නීතියට පටහැනිව රැඳී සිටින්නන්ට ඉවත් වන්නැයි පොලීසියෙන් නිවේදනයක්.

colombotoday

තවත් කොවිඩ් මර්ධන එන්නත් තොගයක් ආනයනයට කැබිනට් අනුමැතිය

colombotoday