Colombo Today Local News

අධිකරණ කටයුතුවලට බාධා කල රැට්ටා පොලිස් අත්අඩංගුවට

‘රැට්ටා’ නමින් යූටියුබ් චැනලයක් පවත්වාගෙන යන රතිඳු සේනාරත්න අත්අඩංගුවට ගෙන තිබේ.

කොම්පඤ්ඤ වීදිය පොලිසියට අනුබද්ධ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය.

මැයි 25 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අධිකරණ කටයුතුවලට බාධා කිරීම, අධිකරණය පැමිණෙන පුද්ගලයින්ට, පොලිස් නිලධාරීන්ගේ කටයුතුවලට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (මැයි 30) පස්වරුවේ ඔහු කොම්පඤ්ඤ වීදිය පොලිසියට පැමිණ ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඔහු හෙට (31)දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

රතිඳු සේනාරත්න ආණ්ඩු විරෝධී ගාලු මුවදොර අරගලයේ කැපී පෙනෙන චරිතයක් ලෙස පෙනී සිටි අයෙකි.

Related posts

රටවල් 26ක් ලංකාවට එරෙහි බව ජිනීවා වාර්තා වලින් අනාවරණයක්

colombotoday

සුමන්තිරන්ට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක් !

colombotoday

තරඟ කිරීමේ කොන්දේසි සපුරා නැති ගෝඨාභය ගැන කතා කරලා වැඩක් නෑ – කුමාර වෙල්ගම

colombotoday

”නැව ගනි ගැනීමෙන් මහුදු ජලයේ pH අගය වෙනස් වී නැහැ” – නාරා ආයතනය

colombotoday

දිවයින පුරා කුඩා වැව් 10,000ක් සිඳී යයි – වැව්වල ළිං හාරන්න අවසර

Admin

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට මාස තුනක් මුහුදු යන්න තහනම්

Admin