Colombo Today Local News

තවත් කොවිඩ් මර්ධන එන්නත් තොගයක් ආනයනයට කැබිනට් අනුමැතිය

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා එක්කෝටි හතළිස් ලක්ෂයක් සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ අනුවක් කඩිනමින් ආනයනය කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ලබන මස තිස් වැනිදාට පෙර එන්නත් ලබා දී අවසන් කිරීමට රජය සැලසුම් කර ඇති අතර ,එම අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙම එන්නත් තොගය ආනයනය කෙරේ.

දැනට 1,12, 61,065 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර, එන්නත් දෙකම ලබා දී ඇති පිරිස 32,49,670කි.

මෙරටට විවිධ මාර්ගවලින් දැනට ලැබී ඇති එන්නත් ප්‍රමාණය 1,94,90,630ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කියයි.

Related posts

සනත් නිශාන්තට සිතාසි

colombotoday

වීවලට සහතික මිලක් හාල්වලට පාලන මිලක්

Admin

පාස්කු ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක් ?

colombotoday

කළුතර වෙරලේ ආලෝකය නිකුත් කරමින් අත්භූත වස්තුවක්

Admin

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

සජිත්ගේ අලුත් සන්ධානය ‘ජාතික සමගි බලවේගය‘… ලකුණ හදවත…

colombotoday