Colombo Today Local News

ශ්‍රී ලංකාවට දෙන ඕනෑම ණයක් සඳහා ණය තිරසර බවට සහතිකයක් අවශ්‍යයි-IMF

ඕනෑම ගනුදෙනුවක් සඳහා ශ්‍රී ලංකාවේ ණය තිරසර මාවතකට ගෙන යා හැකි බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වනු ඇතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.

රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මෂිහිරෝ නොසාකි මහතා පවසා ඇත්තේ, අඟහරුවාදා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සමග ණය දීමේ විකල්ප සහ ප්‍රතිපත්ති සැලසුම් සාකච්ඡා කළ බවයි.

ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට සහ ආර්ථිකය හැකි ඉක්මනින් තිරසර වර්ධන මාවතකට ආපසු ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතු බව ඔහු සඳහන් කර තිබේ.

නොසාකි මහතා අවධාරණය කර ඇත්තේ, එසේ වුවත් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ජනතාව, විශේෂයෙන් දුප්පත් ජනතාව සහ අවදානමට ලක්විය හැකි අය විඳින දුෂ්කරතා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා කනස්සල්ලට පත්ව සිටින බවයි.

ක්ෂණික මූල්‍ය පහසුකම් ලබාදීම සලකා බැලීම සඳහා ණය ආපසු ගෙවීමේ ඇති හැකියාව පරීක්ෂාකර බැලීම අවශ්‍ය වනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා අවධාරණය කර තිබේ.

Related posts

විහිළු කතා නවතා දකුණේ උණ රෝගයට විසදුමක් දෙන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලයි

colombotoday

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday

හෙට සිට සියලුම අන්තර්පලාත් බස්රථ හා දුම්රිය ධාවනය අත්හිටුවයි.

colombotoday

එජාප ය – ශ්‍රීලනිපය මත දෙකක.. ව්‍යවස්ථා සංශෝධනය මහ අවුලක !

colombotoday

ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Admin

සාද දැමු තවත් 9ක් අත්අඩංගුවට | විදේශිකයින් තිදෙනෙකුත් ඒ අතර

colombotoday