Colombo Today Local News

අම්මගේ 21හැවිරිදි පෙම්වතා අවුරුදු තුනහමාරක දරුවාට පහර දී මරා දමලා

වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකුට පහර දී නිදි යහනේදී ගෙළ මිරිකා ඝාතනය කළ සැකකරුවෙකු ගෙළ වැල ලාගෙන මියගොස් තිබේ.

වයස අවුරුදු තුනයි මාස හයක් වයසැති පිරිමි දරුවෙකු සහ 21 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇතැයි ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි.

මියගොස් ඇති දරුවාගේ මව පියාගෙන් වෙන් වී සියදිවි නසාගත් පුද්ගලයා සමග එකට ජීවත් වී ඇති බව ද සදහන් වේ.

ඇය අද (දෙසැ. 12) උදෑසන සිය දස හැවිරිදි දරුවා පාසලට ඇරලවා නිවසට පැමිණෙන අතරතුර ඝාතනය සිදුවී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

දරුවාගේ මළසිරුර මීගහතැන්න ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

Related posts

2018 රජයේ සමස්ථ වියදම බිලියන 3982 යි.. අපේක්ෂිත ආදායම බිලියන 2175 යි

colombotoday

සොරා ගත් ‘සඳගල’ පුරාවිද්‍යා ස්මාරකය සොයා මෙහෙයුම් අරඹ‍යි

Admin

ටවුන් හෝල් දෙසට මාර්ගය අවහිර වෙයි… දැඩි රථවාහන තදබදයක්

Admin

“කෝටි 800 වංචාවක් ගැන මම දන්නෑ.. ටෙලිකොම් පාලනය කරන්න මට බලයක් නෑ..” – ඇමති හරීන්

colombotoday

ඉන්දියාවේ වන්දනාවක යන්න උණ්ඩයකුත් අරන් ඇවිත්

Admin

චූදිතයෙකුගේ මරණ දඩුවමට බලපෑම් කිරීම මිනී මැරීමට තැත් කිරීමක් හා සමානයි…

colombotoday