Colombo Today Local News

ගාල්ලේ පාසල් 23 දක්වා වැසෙයි

පවතින කොවිඩ්වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂ අවසාන නිවාඩුව ආරම්භ වන 23 වැනිදින දක්වා වසා තැබීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.

අද (18)දින පස්වරුවේ ලබුදුව දක්ෂිණ පායේ පැවති ගාල්ල දිස්ත්‍රික් කොඩිව් කමිටු රැස්විමේ දි මෙම තින්දුව ගත් බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් පාසල් 26ක් අද (18) දින දක්වා වසා තැබීමට මීට පෙර තීරණය කොට තිබුණි. ඒ අනුව එළඹෙන සතියේ සදුදා, අගහරුවාදා සහ බදාදා දින ද ගාල්ල කොට්ඨාශයේ පාසල් වසා දැමීමට තීරණය කළ බවද පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

නව පාසල් වාරය ජනවාරි 04 වැනිදින ආරම්භ වීමට නියමිතව ඇත.

Related posts

විදුලි සේවකයන් අඛණ්ඩව වර්ජනයේ.. විදුලිය දෙන්න හමුදාව කැදවයි !

colombotoday

තායිලන්තයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යයි

Admin

ගැබිනි ගුරුතුමියක් රිය අනතුරකින් මරුට

Admin

“මහින්දගේ කාලේ නිධන් හෑරුවේ මාධ්‍යටත් කොලේ වහලා“ – සජිත් කියයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට රැස් වීමට සුදානම්

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අවසන්

colombotoday