Colombo Today Local News

බටහිර පර්යන්තය ආයෝජකයින් සමග එක්ව සංවර්ධනය කරනවා – වරාය ඇමති කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව සංවර්ධනය කරන අතර වරාය බටහිර පර්යන්තය ආයෝජකයෙක් සමග එකව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (11)දින යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසා සිටියේ, “මේ රටට සැබෑවට ආයෝජකයන්ට සිදුවන බාධා ඉවත් කළ යුතුයි. දේශපාලකයා වැරදි තැනකට ගිහින්. ඇමතිවරයාගේ වාසිය මත ආයෝජන රැඳෙන්නේ. ආයෝජන කළමනාකරණ ආයතනයක් පිහිටුවිය යුතුයි.“ යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් අජිත් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේ ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරගෙන යමින් සිටින බවය.

“කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ගැන ඇතැම් රාජ්‍ය ඇමතිවරු කියනවා ඉන්දියාවට දිය යුතුයි කියලා. ඇමතිවරු කියන මේ ප්‍රකාශය හරහා අර මම පෙර කියපු තැනට මේ තල්ලු වෙලා තියෙන්නේ කියලා. සමහර සාක්කු පිරෙන්න ඉඩ හසර විවරවෙලා තියෙන්නට ඇති. “ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

එයට පිළිතුරු දෙමින් රෝහිත අබේගුණවර්ධන පවසා සිටියේ, “අපේ රජයේ ප්‍රතිපත්තිය විකුණන් කන ප්‍රතිපත්තියත් නොවේ. බදුදෙන ප්‍රතිපත්තියත් නොවේ. අපි ආයෝජකයන් ගෙන්ල්ලා ආර්ථිකය දියුණු කරනවා. බටහිර පර්යන්තයට ආයෝජකයන් කැඳවනවා. “ යනුවෙනි.

එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ, “ජනාධිපතිතුමා ඇවිත් ඉන්න නිසා මේ ගොල්ලෝ ලකුණු දාගන්න කථා කරන්නේ.“ ලෙසය.

Related posts

දීපාවලී දිනය දා කොටි සිරකරුවන් නිදහස්!

colombotoday

තිබුණ දේත් නැතිවෙලා… බලාපොරොත්තු සුන් වෙලා… වෙනසට මුලපිරූ FUTA කළකිරිලා

colombotoday

මහනුවර හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

නොරච්චෝලෙට ගල්අඟුරු ගන්න නැවකට අත්තිකාරම් ගෙවයි

colombotoday

ට්‍රක් රථයක ගැටී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

colombotoday

හවුල් ආණ්ඩුව මටත් හොද නෑ.. රනිල්ට පමණක් දෙවනි මට ඇමතිකමක්වත් නෑ

colombotoday