Colombo Today Local News

සුනඛයන්ගෙන් නීතියට වෙට්ටු දැමූ කොරස මල්කෝනේ කත අල්ලයි

වේයන්ගොඩ, කොරස මල්කෝන ප‍්‍රදේශයේ සිව් මහල් නිවසක උඩු මහලේ කැමරා සවිකොට, පුහුණු කළ සුනඛයන් රැසක් ආරක්ෂාවට තබා ගනිමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වේයන්ගොඩ පොලිසිය මගින් වටලා තිබේ.

පසුගිය (10)දින සිදුකළ මෙම මෙහෙයුමෙන් වේයන්ගොඩ පොලිසිය නීති විරෝධි මත්පැන් මිලි ලීටර් එක් ලක්ෂ එක්දහස් දෙසීය පනහක්, ගෝඩා මිලි ලීටර් දහතුන් ලක්ෂ හැට දහසක්, ගෑස් සිලින්ඩර්, ගෑස් ලිප් දඟර ඇතුළු පෙරීමට උපයෝගී කර ගන්නා උපකරණ රැසක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ව්‍යාපාරය ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ප‍්‍රසිද්ධියක් උසුලන පුද්ගලයකුට අයත් බවත් ලැබුනු තොරතුරක් මත දින කිහිපයක් තිස්සේ පරීක්ෂණ පවත්වා 10 වන දා මෙම වැටලීම සිදු කර තිබූ අතර බෙදා හැරීම සඳහා සකස් කළ මත්පැන් බෝතල් එකසිය තිස් පහක් පමණ අත්අඩංගුවට ගත් බවත් ආරක්ෂාවට යොදවා සිටි සුනඛයන්ගෙන් බේරී මෙම ස්ථානයට ඇතුලූ වීම දුෂ්කර කාර්යයක් වූ බවත් පොලිසිය සඳහන් කළේය.

Related posts

මිනීමරුවන්ට රණ විරුවෝ කියන්නද කියන්නේ – අතුරුදහන් වුවන්ගේ දෙමාපිය සංසදය

colombotoday

හෙරොයින් ග්‍රෑම් 213ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday

බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට

colombotoday

හමුදාපතිට ඇමරිකාවෙන් පැනවූ තහනම අපි අගය කරනවා – TNA

colombotoday

ඉන්දීය ධිවරයින් 11ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday