Colombo Today Local News

විදුලි බිල වැඩි කිරීමට එරෙහි වූ ජනක රත්නායක ඉවත් කරන්න පොහොට්ටුවේ පුර්ණ සහය

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයෙන් සහ එහි සභාපති ධුරයෙන් ජනක රත්නායක මහතා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරි පත් වී ඇති යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

එහි ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ, මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය කිසිසේත්ම පක්ෂයක් ලෙස අනුමත නොකරන බවය.

මේ හේතුවෙන් ජනක රත්නායක මහතා ඒම ධුරයෙන් ඉවත් කිරීමට පුර්ණ සහය ලබා දෙන බව ලේකම්වරයා පවසයි.

මේ අතර ජනක රත්නායක මහතා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවට විරුද්ධව සිය ජන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය පවසයි.

එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරන්නේ, විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පෙනී සිටි ජනක රත්නායක වෙනුවෙන් ප්‍රධාන විපක්ෂය ලෙස පෙනි සිටින බවයි.

මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකත්වයෙන් එහි සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාල යෝජනාව ලබන 24 වැනි දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති අතර එදින පස්වරුවේ ඊට අදාල ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

ඡන්දයක් පැවැත්වූවොත් පරාජයට පත්වන බව ශෂීන්ද්‍ර රාජපක්‍ෂ කියයි.

colombotoday

නුවරඑළියෙන් බෝම්බ පිපිරවීමට ගන්නා ඩෙටිනේටර් තොගයක් හමුවෙයි

colombotoday

දෙමව්පියෝ බොරු කළොත් දරුවා පාසලෙන් ඉවතට

colombotoday

හෙරොයින් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වතාවට අසාද් සාලි ජාතික විභාගවල ප‍්‍රතිඵල ජාතිය අනුව විශ්ලේෂණය කර ඉල්ලයි.

colombotoday

සරලම තැනින් පටන් ගන්න. ෆයිල් එකේ තියෙන සැලසුම් බිමට ගේන්න : ජනපති රාජ්‍ය ඇමතිවරුන්ට කියයි

colombotoday