Colombo Today Local News

රු. 120.00 ක පොල් ගෙඩියක් සොරා ගත් සැකකරුට රු. ලක්ෂයක ශරීර ඇපයක්.

වත්තකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 120.00 ක් වටිනා පොල් ගෙඩියක් සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, සැකකරු ඊයේ (19)දින ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

මල්වතුහිරිපිටිය, නීලමහර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකුට මෙලෙස ඇප නියම විය.

ලබන මාර්තු මස 18 වැනි දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එම සැකකරුට අධිකරණය නියෝග කළේ ය.

Related posts

දුම්රිය සේවක වර්ජනය : කිසිදු දුම්රියක් ගමන් ආරම්භ නොකරයි

colombotoday

සෞඛ්‍ය සේවය පුද්ගලික අංශයට අමුණනවා.. “ඉන්දීය ගිලන් රථ එහි පළමු පියවරයි“ – ආචාර්ය හර්ෂ

colombotoday

ඉන්දියාවෙන් ගෙන ආ රුපියල් කෝටියක කේරළ ගංජා තොගයක්

colombotoday

ෆෙඩරල් නොදෙන බවට ප්‍රකශයක් කරන්න

Admin

පීඩාවට පත් ජනතාවට රු.5000 දීමනාව අද සිට

colombotoday

කොළඹ වරායේ දේපළවලට හානි කිරීමේ නඩුවෙන් රවි ඇතුළු හයක් නිදහස්

colombotoday