Colombo Today Local News

ස්වර්ණමහල් ෆයිනැන්ෂල් අධ්‍යක්ෂවරුන්ගෙන් අපේක්ෂිත ඇප පෙත්සම්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ව අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ස්වර්ණමහල් ෆයිනැන්ෂල් සර්විසස් සමාගමේ අධ්‍යක්ෂවරු විසින් ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (21) දින කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එම අපේක්ෂිත ඇප අයදුම්පත් අද (20)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින කැඳවන ලෙසය.

අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ විසින් අදාළ අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කර තිබුණි.

ඔවුන් සඳහන් කර සිටින්නේ තම සමාගමේ සිදු වූ බව කියන රුපියල් බිලියන 03ක් පමණ මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවය.

එබැවින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියමකරන ලෙස ඉල්ලමින් ඔවුන් අධිකරණයට එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Related posts

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට නැවතත් ලියාපදිංචි විය හැකියි

colombotoday

ඇමති කරට අත දාලා අපිව රැවැට්ටුවා

Admin

වත්මන් රජය ජනතා සුබ සාධන මුදල් කප්පාදු කර නෑ. | තෙල් මිල වැඩි කලේ අකමැත්තෙන්

colombotoday

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

colombotoday

“දකුණේ බලය මහින්දට නිසා ව්‍යවස්ථාව මග නවතී.. ෆෙඩරල් දැන් සිහිනයක්“ – සුමන්තිරන්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල වැඩ වර්ජනයක්

Admin