Colombo Today Local News

එජාපයට චෝදනා කිරීමෙන් පලක් නෑ.. ජනපති වහා ඉල්ලා අස්විය යුතුයි – ජවිපෙ කියයි

ගෙවීගිය වසර තුනක කාලය තුළදී ආර්ථිකය නිවැරදිව හසුරුවා නැතිනම් වෙනත් පාර්ශවවලට චෝදනා කිරීමෙන් පලක් නොවන බවත්, එහි වගකීම බාරගෙන ජනාධිපතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඊයේ 22 දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ කැබිනට් මණ්ඩලය පත්කරනු ලැබුවේද ජනාධිපතිවරයා විසින් වන බැවින්, කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්ව සිටින බවයි.

ජනප්‍රිය වීමට මැතිවරණ වේදිකාවල ජනාධිපතිවරයා කුමන කතා කීවද, අගමැතිවරයා සමග එක්වී ජනාධිපතිවරයාද රට පාලනය කළ බැවින්, ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔහු වගකීම බාරගතයුතු බවද හෙතෙම කියා සිටියේය.

පසුගිය වසර තුනක කාලය රටේ ආර්ථිකය හැසිරවීම සදහා එක්සත් ජාතික පක්ෂයට බාරදී තිබූ බවත්, නමුත් ආර්ථික කලමනාකරණයේ ගැටළු නිසා ජනතාව අසීරුවට පත්ව සිටිනේ යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ටිල්වින් සිල්වා මහතා මේ බව කියා සිටියේය.

Related posts

“ලංකාවේ ක්‍රිකට් විනාශ කරා.. අවුල් ජාලයක් කරා…” – මුරලිගෙන් දේශපාලකයන්ට ප්‍රබල චෝදනාවක්

colombotoday

සක්විති රණසිංහ සහ බිරිඳ මූල්‍ය වංචාව පිළිගනී

Admin

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්

colombotoday

තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය | ගවේෂණාත්මක හෙළිදරවුව

colombotoday

ජනපති ගැන අනාවැකි කී ජෝතිශවේදියාට “රජතුමාට එරෙහිව අපරාධ කිරීම” චෝදනා යටතේ නඩු !

colombotoday

පොලිස් දඩ පොතේ පිටු 50ක් අතුරුදන්

Admin