Colombo Today Local News

ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද? නැද්ද? ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ ගත් තීන්දුව මෙන්න

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී 16 දෙනාට විපක්ෂයේ අසුන් ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවසර දි ඇත.

ඊයේ 24 දා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභා රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම අවසරය ලබා දී ඇත.

කෙසේ වෙතත් ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද යන්න තීරණය කිරීම එළැඹෙන 08 වැනිදායින් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කිරීමට එකගත්වයකට පැමිණ ඇත.

පක්‍ෂයේ නිලධාරී මණ්ඩලයද ඇතුළුව පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීමටද එම පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති අතර, එකී ප්‍රතිසංවිධානය සිදු කෙරෙන්නේ කෙසේදැයි සාකච්චා කිරීම මැයි 08 දිනයෙන් පසු පැවැත්වෙන පළමු මධ්‍යම කාරක සභාවේදී සිදු කිරීමටද තීරණය වී තිබේ.

Related posts

බූස්ස සතොස ගබඩාවට ඇමති බන්දුල කඩා පනී..|කළමනාකරුගේ වැඩතහනම්.

colombotoday

ඡන්දෙට පොහොට්ටුව 9 වැනිදා වැඩ අල්ලයි.

colombotoday

ඥාණසාර හිමි ඇප මත මුදා හරී.. වරෙන්තුවත් ආපසු කැදවයි..

colombotoday

“හරීන් ප්‍රනාන්දු වගේ මොට්ටයෝ මොනව කීවත් අපි අපේ යුතුකම කරනවා“ – බෙංගමුවේ නාලක හිමි

colombotoday

වත්තක වළදමා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් සොයගනී

colombotoday

පොදු රැස්වීම් උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම්

colombotoday