Colombo Today Local News

වත්තක වළදමා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් සොයගනී

යාපනය කොඩිකාමම් මන්දුවිල් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් සොයාගත් බව පොලීසිය පවසයි.

මන්දුවිල් උතුර ජේ. 346 ග්‍රාමයේ පිහිටි ඉඩමක හිමිකරුවකු එලිපෙහෙලි කරමින් සිටියදී පොළව යට වලදමා තිබූ ප්ලාස්ටික් බැරලයක් හමු වී ඇති අතර පසුව එය පරික්ෂා කිරීමේදී එහි ආයුධ ඇති බව දැන ඒ පිළිබඳව කොඩිකාමම් පොලීසියට සහ 52 සේනාංකයේ යුදහමුදා කඳවුරට දැනුම්දීමට ඉඩම් හිමියා පියවර ගෙන ඇත.

අනතුරුව අදාල ස්ථානයට යුදහමුදාව සහ පොලීසිය පැමිණ ආයුධ සහිත බැරලය ගොඩට ගැනීමට පියවර ගත් අතර එහි තිබී ආයුධ රැසක් සොයාගෙන ඇත. යුද සමයේදී කොටි සංවිධානය මතු ප්‍රයෝජන සඳහා වළදමා ඇති බවටත් දිගුකලක් වලදමා තිබීම හේතුවෙන් ආයුධ බොහෝ සෙයින් දිරාපත්ව තිබූ බවටද පොලීසිය පවසයි.

මරාගෙන මැරෙන බෝම්බ 07 ක්, කිලෝ 30 ක වෙඩි බෙහෙත් යෙදූ කෘතිම බෝම්බ කෑන් 2 ක්, අධි බලැති ක්ලෝමෝ බෝම්බ 03ක්, යුදටැංකි නාශක අධිබලැති පීඩන බෝම්බ 03 ක්, පුපුරණද්‍රව්‍ය කිලෝ 08 ක්, පුද්ගලනාශක බෝම්බ 23 ක්, ෆියුස් 23ක්, ආර්.පී.ජී. බෝම්බයක් සහ චාර්ජර් බෑග් එකක්, මිලිමීටර් 81 මෝටර් උණ්ඩයක්, ටී.56 මැගසින් 03 ක්, ටී.56 පතුරම් 517 ක්, බාර් ඇන්ටිටෑන්ක් එකක්, වයිර් මීටර් 14 ක්, විදුලි නොවන ඩෙටනේටර් එකක්, හෝල්ඩර් 2ක්, පී.07 මාර්ක් 01 බ්‍රවුන්ඩින් 04 ක් මේ අතර තිබෙන බව ආරක්ෂක අංශ කියයි.

සොයාගත් යුද උපකරණ තොගය අධිකරණ නියෝගයක් ගෙන පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවට පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරම කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්නැයි උපදෙස්..

Admin

ජනපති විල්පත්තුව ගැන ගත් තීරණයම ගනී.. නකල්ස් රක්ෂිතය පිළිබදව කැබිනට් මණ්ඩලයට උපදේශයක්

colombotoday

ඇමති මංගල ඊළාම් ඩයස්පොරා ප්‍රධානී එම්මානුවෙල් පූජක සමග බර්ලිනයේදී රහස් සාකච්ඡාවක

colombotoday

රුපියල ඓතිහාසික වාර්තාවක් තබයි…

colombotoday

ලාබෙට කාර්.. ෆ්‍රී වයි ෆයි.. වැට් බදු ගැන විමල්ගෙන් සැර කතාවක් (VIDEO)

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තවත් අඩු කරයි

Admin