Colombo Today Local News

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තවත් අඩු කරයි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එම භාණ්ඩ අඩු කළ මිලට අද (9)දිනයේ සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 60 කින්, මුංඇට කිලෝවක් රුපියල් 325 කින්, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 15 කින්, රතු නාඩු කිලෝවක් රුපියල් 15 කින්, හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 10 කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින්, සෝයා මීට් කිලෝවක් රුපියල් 10 කින්, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 6 කින්, කඩල කිලෝවක් රුපියල් 5 කින් සහ සුදු සීනි කිලෝවක් රුපියල් 4 කින් අඩු කළ බව ද සතොස පවසයි.

ඒ අනුව වියළි මිරිස් කිලෝවක් රුපියල් 1,290 කට, මුංඇට කිලෝවක් රුපියල් 1,225 කට, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 299 කට, රතු නාඩු කිලෝවක් රුපියල් 200 කට, හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 1,140 කට, පාන් පිටි කිලෝවක් රුපියල් 200 කට, සෝයා මීට් කිලෝවක් රුපියල් 650 කට, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 139 කට, කඩල කිලෝවක් රුපියල් 540 කට සහ සුදු සීනි කිලෝවක් රුපියල් 225 කට මිලදී ගත හැකි බව ද සතොස සදඟන් කරයි.

Related posts

අද සහ හෙට සියලු ලංගම බස්රථ ධාවනයට පියවර

colombotoday

ටොනික් මූඩි අස්සේ හෙරොයින් විකුණූ ජෝනා මාට්ටු

Admin

එජාප ජනාධිපති අපේක්ෂකයා නම් කරන හැටි රනිල් කියයි…

colombotoday

චම්පික ජනපති පරීක්ෂණ කොමිසමට කැදවයි !!

colombotoday

පවුල් ආරවුලකට පියා සහ පුතුට පිහියෙන් ඇනලා…

Admin

ඩෝසර් කර විනාශ කළ සාම්පූර් දැගැබ නැවත ගොඩනගනවා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්

colombotoday