Colombo Today Local News

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරම කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්නැයි උපදෙස්..

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරම සිදුකරන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්නැයි ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.

ඒ, අදාළ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7)දින රැස්වූ අවස්ථාවේදී ය.

එහිදී කාරක සභාව නියෝග කර ඇත්තේ, එම ව්‍යාජ ස්ටිකර් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසයි.

ව්‍යාජ ස්ටිකර් සමග මත්පැන් බෝතල් විකුණන අළෙවි සැල්වල බලපත්‍ර අහෝසි කරන ලෙස ද ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව නියෝග කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරින් එහිදී කාරක සභාවට දැනුම් දී ඇත්තේ, ව්‍යාජ ස්ටිකර් ඇළවූ මත්පැන් බෝතල් 44,000 කට වැඩි සංඛ්‍යාවක් සොයා ගත් බවයි.

ඒ අනුව, ඊට සම්බන්ධ එක් සමාගමකින් රුපියල් මිලියන 40කට ආසන්න දඩයක් අය කර ගත් බව ද සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරින් පවසයි.

කාරක සභාව උපදෙස් දී අත්තේ, මත්පැන් බෝතල්වල නිරවද්‍යතාවය හඳුනාගත හැකි වන QR තාක්ෂණය පදනම් කර ගත් ජංගම යෙදවුමක් කඩිනමින් හඳුන්වා දිය යුතු බවයි.

රුපියල් බිලියන 06ක හිඟ බදු මුදල් ගෙවීමේ සැලසුමට අනුව අදාළ මත්පැන් නිශ්පාදනාගාර බදු නොගවන්නේ නම්, ඔත්තොම්බර් 30වන විට එම නිෂ්පාදනාගාරවල බලපත්‍ර අහෝසි කරන ලෙසට ද ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව උපදෙස් දුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

Related posts

නව ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධ විපක්ෂය මිරිහානේදී තීන්දුවක් ගනී !

colombotoday

වෙසක්, නත්තල් සහ ජාතික නිදහස් දිනයන් දේශීය කර්මාන්ත ගොඩනැංවීමට යොදා ගැනීමේ සැලසුම්

colombotoday

රාජිත මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් රඳවාගෙන ප්‍රශ්න කරයි

colombotoday

දුම් වැටියක් රුපියල් 3 කින්. මත් පැන් බෝතලයක් රුපියල් 40 කින් ඉහළ යයි

colombotoday

වයඹ DIG ඇතුළු නිලධාරින් 5කට ස්ථාන මාරුවීම්

Admin

ශිෂ්‍යත්ව ලකුණු මත සිසුන් ගන්නා පාසල්වලට අතරමැද ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන්නෙ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday