Colombo Today Local News

ඇමති මංගල ඊළාම් ඩයස්පොරා ප්‍රධානී එම්මානුවෙල් පූජක සමග බර්ලිනයේදී රහස් සාකච්ඡාවක

mangala ltte

විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් දේවගැති සහ එහි ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් අතර බර්ලින් නුවර මැරියට්‌ හෝටලයේදී සාකච්ඡාවක්‌ පවත්වා ඇතැයි වාර්තා වේ.

මෙම ගෝලීය ද්‍රවිඩ සංසද නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවට මුල්වී ඇත්තේ සංහිඳියාව සහ වගවීම යන කරුණු බව ආරංචි මාර්ග දක්‌වයි. එමානුවෙල් දේවගැති හා සුරේන් සුරේන්ද්‍රන් මැරියට්‌ හෝටලය වෙත පැමිණ ආලින්දයේ අසුන්ගෙන සිටින අයුරු බර්ලින් නුවර ශ්‍රී ලාංකිකයන්ගේ නිරීක්‍ෂණයට ලක්‌වී තිබේ.

එමානුවෙල් දේවගැතිවරයා 1997 වසරේ සිට ජර්මනියේ දේශපාලන රැකවරණ ලබා සිටී.

මෙයට පෙර මංගල සමරවීර මහතා ලන්ඩන් නුවරදී ද මොවුන් දෙදෙනා මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

බෝරා ප්‍රධානියා 36 දෙනෙකුගෙන් යුත් පිරිවරක් සමගින් ශ්‍රී ලංකාවට

colombotoday

දින දෙකට වඩා උණ පවතීනම් වහාම රෝහලට යන්න !

colombotoday

ලෝක කම්කරු දිනය අදයි..

colombotoday

ක්‍රෙඩිට් කාඩ්, රන් ණය පොලි අනුපාත පහතට

colombotoday

කබ්රාල්ගේ පත්වීම වළකන්නැයි, ඉල්ලූ රිට් ආඥා පෙත්සම සලකා බැලීම 7 වැනිදා

colombotoday

එකට ඉන්න එපා.. ජනපතිට – අගමැතිට ආරක්ෂක අංශ උපදෙස්

colombotoday