Colombo Today Local News

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනට බාධා

මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

මෙසේ දුම්රිය මාර්ගයේ පිහිටි පාලම අබලන් වීම මත කොළඹ කොටුව හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි ද්විත්ව මාර්ගය තනි මාර්ගයක් ලෙස ධාවන කටයුතු සිදුවීමේන් මුහුදුබඩ මාර්ගයේ මෙන්ම මුහුදුබඩ මාර්ගයේ සිට ප්‍රධන මර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ ධාවනය වන දුම්රියන්ට ප්‍රමාද වීමේ හැකියාවක් ඇති බව දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.

මෙලෙස වැල්ලවත්ත හා කොළඹ කොටුව අතර පහල මාර්ගය තාවකාලික වසා දැමීම නිසා අද දින සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් කටයුතු කොට ඇත.

මාර්ගය යලි සකස් කිරීමට දින 05 කට ආසන්න කාලයක් ගතවන බව දෙපාර්තමේන්තුවේ අදාල මාර්ග අංශයන් දැනුවත් කර ඇති බවත් ඒ දක්වා කාලය තුල වැල්ලවත්ත හා කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්‍රමාද වීමක් සිදු විය හැකි බවත් ඔහු තවදුරටත් සදහන් කරයි.

Related posts

කතක් හපුතලේ පොලිසියේ දි ගිනි තියා ගනී

Admin

අන්තර්වාර රජයකත් අගමැති මම. එකාට එකා නැතිව අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කොහොමද?

colombotoday

ශ්‍රීලනිප මහනුවර රැස්වීම උණුසුම්.. අමරවීරට එස්බීට විරෝධය.. දිමු කදුළු සලයි

colombotoday

විජේවීර ඝා-තනය ගැනත් හොයන්න කොමිසමක් දාන්න

Admin

මඩින් එපා ගොඩින් එනු ! මට බැරි වු දේ පුතා කරයි – ඇමති රාජිත

colombotoday

පොහොට්ටුවට එක්වන්න ආ ෆයිසර් මුස්තාපාව පන්නා දමයි !

colombotoday