Colombo Today Local News

බිඳවැටුණු සබඳතා අලුත් කරගන්න නෝර්වේ විදේශ ඇමති එයි

nowayනෝර්වේ විදේශ අමාත්‍ය බෝග් බ්‍රෙන්ඩේ අද (07)ශ්‍රී ලංකාවට පැමිණියා.

ඔහු සමග 7 දෙනෙකුගෙන් යුතු විශේෂ ධූත පිරිසක් පැමිණ තිබේ. ශ්‍රී ලංකාව සමග බිද වැටුණු දේශපාලන සබදතා යළි ඇතිකර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි නෝර්වේ විදේශ අමාත්‍ය වරයා සදහන් කර ඇත්තේ. ශී‍්‍ර ලංකාවේ මෑතදී සිදුවූ දේශපාලන වෙනස්කම් ඊට පසුබිම සකස් කර ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා.

ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර පැවති සාම සාකච්ඡාවල මැදිහත්කරුවා ලෙස කලක් කටයුතු කළේ නෝර්වේ රාජ්‍යයි. සාම ක්‍රියාවලියේ දී නෝර්වේ මැදිහත්වීම දැඩි ප්‍රශ්නකාරී එකක් වූ අතර ඒ පිළිබදව විවේචනද එල්ල වුණා. 2006 වසරෙන් පසු නෝර්වේ අමාත්‍යවරයෙකු ශී‍්‍ර ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවද මෙයයි.

Related posts

එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීම ජිනීවා මානව හිමිකම් සමුළුවේ කතා බහට

colombotoday

මහින්දගේ නුගේගොඩ රැලියට, රනිල්ගෙන් පිළිතුරු රැලියක් අනුරාධපුරේදී !

colombotoday

ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්විමට තිබූ කලාභූෂණ සම්මාන උළෙල අවලංගු කරයි

colombotoday

දැරියක් ලිංගික කටයුතුවලට අලෙවි කල අයෙක් අත්අඩංගුවට | දැරිය මිලදී ගත් අය සොයා මෙහෙයුම් අරඹයි

colombotoday

ජිනීවාහි දී අද්මිරාල් සරත් වීරසේකර අත්අඩංගුවට ගැනීමේ ඩයස්පොරා සැලසුම වැරදී ගිය හැටි

colombotoday

අන්තර් පළාත් දුම්රිය සේවා පටන් ගන්නා දිනය මෙන්න.

colombotoday