Colombo Today Local News

කෑම කඩේ ඇතුලෙ තිබ්බ කුඩු කඩයක් වටලයි

ගම්පොළ නගරයේ හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කුඩු පානය කරන්නන්ට පහසුකම් සපයමින් සියලුම වර්ගයේ ‍මත්දුව්‍ය අලෙවිය, ප්‍රවාහනය, ජාවාරම සිදු කරන ස්ථානයක් වටලා තරුණයන් අට දෙනකු සමග විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ.

සැක නොසිතන ආකාරයට හෝටලයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානය පාසල් ළමුන් තරුණයන් ඇතුළු පිරිස් පැමිණීම පිළිබඳව දීර්ඝ කාලයක් නිරීක්ෂණය කොට ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා සමග ගම්පොල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කර ඇත.

මෙම හෝටලයේ උඩුමහලේ කාමර තුනක මෙම ජාවාරම සිදු කර ඇති අතර නගරයේ අවට නිරීක්ෂණය කිරීම සඳහා රහසිගත කවුළු කීපයක් ද සකසා ඇති බව පොලිසිය නිරීක්ෂණය කර තිබේ.

මෙම ස්ථානය තුළ හෙරොයින්, ඈස්(හසිස්) අයිස්, ගංජා, මත් පෙති අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබූ අතර අත්අඩංගුවට ගත් තරුණයන් අටදෙනා ළඟ මෙම මත්ද්‍රව්‍ය තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

මේ සමග මත්ද්‍රව්‍ය අලෙවි කර ලබාගත් රුපියල් එක්ලක්ෂ හය දහසක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

අග්බෝපුර ඕඅයිසී ට්‍රිපර් රථයක ගැටී මරුට

colombotoday

මේ ව්‍යවස්ථාව හදන්නේ හුසේන්ගේ උවමනාවටයි.. 13ත් අහෝසි කළ යුතුයි !

colombotoday

කීරි සම්බා 50කින්, සම්බා-නාඩු 15කින් යළි ඉහළ දමයි

colombotoday

ඩිසල් ලීටර් දහසක් සමග ගම්මුලාදෑනීගෙ මල්ලි පොලීසියට මාට්ටු

colombotoday

ජුආන් මෙන්ඩස්ගේ නිර්දේශ අනුව හමුදා ප්‍රතිසංස්කරණය කරන්නැයි බ්‍රිතාන්‍ය, රජයට දැනුම් දෙයි

colombotoday

ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකට භාරදෙයි

colombotoday