Colombo Today Local NewsNew Constitution

මේ ව්‍යවස්ථාව හදන්නේ හුසේන්ගේ උවමනාවටයි.. 13ත් අහෝසි කළ යුතුයි !

යුද අපරාද චෝදනා සහ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සමග මව්බිම පුවත්පත කළ සම්මුඛ සාකච්චාවක් පහතින් පළවේ.

ජිනීවා නුවර ජගත් මානව හිමිකම් සමුළුවේදී ඔබ යුද අපරාධ ගැන ශ්‍රී ලංකාවට තිබුණු චෝදනාවලට සාර්ථකව පිළිතුරු සැපැයූ බව කීවා. එම අවස්ථාව පිළිබඳව විස්තර කළොත්,

2015 වසරේදී අපේ රටට විරුද්ධව 30-1 කියන යෝජනාව ගෙනාවා. ඒ යෝජනාව විදේශ ඇමැතිවරයා ඇතුළු වර්තමාන පාලකයන් අගය කරමින් පිළිඅරගෙන සම අනුග්‍රාහකත්වය දැක්වූවා. ඒ යෝජනාවට පාදක වුණේ අප යුද අපරාධ කළා යැයි චෝදනා කිරීමයි. එම වාර්තාව ර්ණීධ්ඉඹ් වාර්තාව කියලයි හඳුන්වන්නේ. ඒ වාර්තාවේ තියෙන්නේ අභූත චෝදනා. ඒක සාවද්‍ය පරස්පර විරෝධී සත්‍ය සඟවපු වාර්තාවක්. ඒ වාර්තාව තමයි මංගල සමරවීර අගය කරමින් පිළි අරගෙන ඇමෙරිකාව විසින් ඉදිරිපත් කළ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වූයේ. මේක සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ රජයත්, රණවිරුවාත් පාවාදීමක්. ඒ යෝජනාවට අනුව තමයි දැන් මේ අය වැඩ කරන්නේ.

අතුරුදන් වීමේ කාර්යාල පනත, බලහත්කාරයෙන් ඇතුරුදන් වීමේ පනත, රෝම ප්‍රඥප්තියට අස්සන් කිරීම, ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, සත්‍ය කොමිසම යනාදී මේ සියල්ල එන්නේ. ඒකෙන්. ඒ සියල්ලේම පදනම අර කියපු වාර්තාවයි. ඒ වාර්තාව තනිකරම බොරුවක්.

අපේ රට යුද අපරාධ කළා කියලා පිළි අරගෙන පරීක්ෂණයක් පවත්වනවායි කියලා කියනවා නම් අනෙක් රටවල් අපි යුද අපරාධ නොකළා කියන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය වුණත් කිසිම රටක් අපට පක්ෂව කතා කරන්නේ නැහැ. ඹ්.ඊ.ඊ.ඡ්. හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන විශාල සංඛ්‍යාවක් ඇවිත් අපේ රට ගැන සාවද්‍ය අභූත ප්‍රකාශ කරනවා. දිගටම එහෙම අභූත චෝදනා කරනකොට එක්සත් ජාතීන්ගේ සංගමයේ සමාජික රටවල් හිතනවානේ ලංකාවේ සිංහලයන් කියන්නේ මොක්කුන්ද කියලා. ඒක වළක්වන්න අපේ මට්ටමින් ඉතාම සුළු හෝ දායකත්වයක් දෙන්න තමයි අපි ජීනිවා නුවරට ගියේ.

ජිනීවා නුවරට ගිහින් වාර්තාවේ තියෙන චෝදනා සියල්ල අසත්‍ය බව තහවුරු වෙන වාර්තාවක් නිල වශයෙන් පිළිගැන්වූවා. ඒ වගේම මේ ර්ණීධ්ඉඹ් වාර්තාව ජිනීවා යෝජනාවක් ලෙස යෑමට කලින් දින 10ක් විදේශ අමාත්‍යාංශයේ තිබුණා. ඒ කාලය වන විට යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයන් 6 දෙනකු කියලා තිබුණා අපි යුද අපරාධ කර නැති බව. ඒකවත් මංගල සමරවීර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේ නැහැ. ඒ වාර්තාවයි ර්ණීධ්ඉඹ් වාර්තාවේ තිබුණු චෝදනා වැරැදි කියන එකයි දෙකම තමයි අපි ගිහින් මාර්තු මාසයේදී පිළිගැන්වූයේ. ඉන්පසුව අප ජුනි මාසයේදී ගියා. සැප්තැම්බර් මාසයේදීත් ගිහින් ඹ්.ඊ.ඊ.ඡ්. හිතවාදී ව්ට්ර්ණී වරුන් කියන ඒවා බොරුයි කියලා අපේ මට්ටමින් හඬක් නංවන්න සමත් වෙලා තියෙනවා.

වාර්තාවේ අන්තර්ගත වෙලා තිබුණු කරුණු මොනවාද?

අපට තියෙන බරපතළම චෝදනාව තමයි යුද්ධයේදී දෙමළ ජනතාවට දෙන්න තියෙන ආධාර බලෙන් නැවැත්තුවා කියන එක. ඒක අමූලික බොරුවක්. දෙමළ ජනතාවට ආධාර දෙන්න අප විසින් මානුෂීය ආධාර ස¼දහා උපදේශන මණ්ඩලයක් පත් කළා. ඒ උපදේශන මණ්ඩලයේ සභාපතිවරයා හැටියට සිටියේ ගෝඨාභය රාජපක්ෂ සහ අපේ අමාත්‍යාංශවල ලේකම්වරුන්. ඒ වගේම ඇමෙරිකානු තානාපතිවරයා වුණු රොබට් බ්ලෙක් සිටියා. ඔහු කොටි හිතවාදියකු සහ ෆෙඩරල්වාදියෙක්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංගමයේ ආයතනවල සියලුම නියෝජිතවරුන් මේ කොමිටියේ සිටියා. නීල් වූනෙයි කියන්නේ එක්සත් ජාතීන්ගේ සංගමයේ ශ්‍රී ලංකාවේ හිටපු නේවාසික සම්බන්ධීකරණ නිලධාරියෙක්. ඔහු කියලා තියෙනවා උතුරට බඩු යැවීම සම්බන්ධයෙන් ලංකාවේ රජයට රන් පදක්කමක් දිය යුතුයි කියලා. එක්සත් ජාතීන්ගේ සංගමයේ සරණාගතයන් පිළිබඳ නියෝජිත අමීන් නවාඩ් කියන පුද්ගලයා කියා තිබෙනවා උතුරට බඩු යැවීම සම්බන්ධයෙන් ලංකාව මුළු ලෝකයටම පරමාදර්ශයක් කියලා. මුලතිව්වල සිටින ඉමැල්ඩා සුකුමාරන් කියන දිසාපතිනිය හැම තිස්සේම අපට මාස තුනක ස්ටොක් එකක් තිබුණා කියලා කියලා තිබුණා. මේවා ඔක්කොම තියෙද්දී මේ කොමිටියෙන් අහන්නේ නැතිව සෙයිද් අල් හුසෙන් කියනවා අපි උතුරට බඩු යැවීම වැළැක්වූවා කියලා. ඒක පට්ටපල් බොරුවක්නේ.

1978 ව්‍යවස්ථාව දුර්වලයි කියලා කාලයක් තිස්සේ කීවා. දැන් නව ව්‍යවස්ථාවක් ගේනකොට විරෝධය පළ කරනවා

සෙයිඩ් අල් හුසෙන්ට ඕන නිසා තමයි ව්‍යවස්ථාවක් හදන්නේ. අපට ඕන නිසා නෙවෙයි. කවුද අපේ රටේ ව්‍යවස්ථාවක් ඉල්ලුවේ.

අනෙක මේ රජයට කිසිම බලයක් නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්න. මේ ආණ්ඩුවේ කිසිම පක්ෂයකට ජනතාව බහුතර බලයක් දුන්නේ නැහැ ආණ්ඩුවක් පිහිටුවන්න. අමුණාගෙන ඉන්න රජයකට ව්‍යවස්ථාවක් වගේ එකක් වෙනස් කරන්න කිසිම බලයක් නැහැ. ජනමත විචාරණයකට ගියත් 2/3 බලය ගන්නෙ කොහොමද පරාජය වුණු මන්ත්‍රිවරුන් අරගෙන. එතැන ජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය වෙන්නේ නැහැ.

මේකට විරුද්ධ වෙන්නෙ ඒ හේතුව පමණක්ම නිසාද?

අපි යුද්ධ කළේ ඇයි? ප්‍රභාකරන්ගේ ඹ්.ඊ.ඊ.ඡ්. එකට විරුද්ධවයි. දැන් මේ කරන්න හදන්නේ ප්‍රභාකරන්ට ත්‍රස්තවාදයෙන් ගන්න බැරිවුණු දෙය ව්‍යවස්ථාව හරහා සිදු කරන්නයි. දැන් තියෙන ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අපට ඉන්දියාවෙන් බලෙන් පටවපු එකක්නේ. ඒකෙන් රට ෆෙඩරල් වුණා.

මේ අය අනුකමිටු 6ක් පත් කරලා තියෙනවා. අනුකමිටු 6න් ප්‍රධානම අනුකමිටුව තමයි මධ්‍ය සබඳතා අනුකමිටුව. ඒ කමිටුවෙන් තමයි රට ෆෙඩරල් වෙනවාද නැද්ද කියලා තීරණය කරන්නෙ. ඒ කමිටුවෙ සභාපති හැටියට පත් කළේ ප්ලොට් සංවිධානයේ හිටපු සාමාජික ඹ්.ඊ.ඊ.ඡ්. සංවිධානයේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ සංවිධානයෙ මන්ත්‍රිවරයායි. ඒකෙන් තේරෙනවා මේ ආණ්ඩුවට රට ගැන මොන තරම් කැක්කුමක් තියෙනවාද කියලා.

සමගාමී ලැයිස්තුව ගැනත් ඔබ අවධාරණය කර සිටින යමක් තිබෙනවා.

ඔවුන්ගේ දෙවැනි නිර්දේශය තමයි සමගාමී ලැයිස්තුව ඉවත් කළ යුතුයි කියන එක. මධ්‍යම රජයට කිසිම පාලනයක් නැහැ. පළාත් 9 ඕනම විෂයක් සම්බන්ධයෙන් නීති 9ක් තියෙන්න පුළුවන්. කිසිම පාලනයක් නැහැ. අපි ජීවිත පිදුවේ මේ සඳහාද?

මේක ජනතාව දැනගෙන පරද්දන්න ඕන. මේකට ඡන්දය දෙන හැම මන්ත්‍රිවරයාම ලංකාවට ද්‍රෝහී වන්නන්. අපේ ආණ්ඩුවක් බලයට ආවොත් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අනිවාර්යයෙන්ම ඉල්ලා සිටිනවා.

මහ නායක හිමිවරුන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයාට කියා තිබුණා හැම දේටම විරුද්ධ නොවී යෝජනා අදහස් එකතු කරන්න කියලා. හොඳ දේකට එකඟ වෙන්න කියලා.

මහ නායක හිමිවරු කලින් කීවේ ඒක නෙවෙයිනේ. මහ නායක හිමිවරුන් දෙදෙනාම කලින් කීවේ මේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියලයි. ඊට පසුව මල්වතු නායක හාමුදුරුවන් මෙම කතාව කියනවා. මොන හේතුවක් නිසාද දන්නෙ නැහැ. මල්වතු නායක හාමුදුරුවන්ට අපි සියලු දෙනාම ගිහින් මේ ගැන පහදලා දෙන්න ඕනෑ. මල්වතු – අස්ගිරි නායක හාමුදුරුවරු, තෛ්‍ර නිකායික හාමුදුරුවරු මේ රටේ බුද්ධාගම පෝෂණය කිරීම සහ සුරක්ෂිත කිරීම සඳහා බැඳී සිටිනවා.

එකීය රටක් විදියට පැවැතුණොත් පමණයි බුද්ධාගම සුරක්ෂා කොට පෝෂණය කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මල්වතු හාමුදුරුවො එවැනි ප්‍රකාශයක් කළා නම් උන්වහන්සේගේ නොදැනුවත්කම නිසා වුණු ප්‍රකාශයක් සහ උන්වහන්සේව නොමඟ යැවීම නිසා තමයි මේ වගේ දෙයක් කියලා තියෙන්නේ.

අතුරු කමිටු වාර්තාවේ වෙන්වී යෑමට විරුද්ධව ඒකීය රාජ්‍යයට රැකවරණය සපයන වගන්ති ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. එහිදී නෙබෙදුණු හා නෙබෙදිය හැකි වචන අන්තර්ගත කර තිබෙනවා. මෙයින් පැහැදිලි වන්නේ ඒකීය බව ආරක්ෂා කරන බව නේද? බෙදීමක් වනවා නම් එය වැළැක්විය හැකි බව නේද?

බෙදෙන හැටි මම කීවා. ආණ්ඩුකාරවරයාගේ බල රහිත කර සමගාමී ලැයිස්තුව නැති කළොත් රට බෙදිලා ඉවරයි. ඒකීය කියන නම තියෙන්න පුළුවන්. ඊයේ පෙරේදා දුන්න තීන්දුව මොකක්ද? ඒකීය රටක ෆෙඩරල් ලක්ෂණ තියෙන්න පුළුවන්. ෆෙඩරල් රටක ඒකීය ලක්ෂණ තියෙන්න පුළුවන් කියලයි තීන්දුව දුන්නේ. අපි අවධානය යොමු කළ යුත්තේ, ඒකීය රටක් නම් තිබිය යුත්තේ එක නීතියක් පමණයි කියන දේ පිළිබඳවයි. රට බෙදීමට අපි එකඟවෙනවා නම් වංචාවකට අහුවෙනවා. ඒකීය කියන වචනය තියාගෙන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මඟින් ස්වාධීන පළාත් 9ක් බවට පත් වෙනවා. පළාත් 9 තුළ නීතිය නව විදියකට ක්‍රියාත්මක වෙනවා නම් එතකොට රට බෙදිලා නැද්ද?

උතුර හා නැඟෙනහිර පළාත්වල ඇරෙන්න අනෙකුත් පළාත්වල ඇමැතිවරුන් කැමැතිවෙලා තියෙනවා නේද ඉඩම් පොලිස් බලතල හැර අනෙකුත් බලතල පළාත් සභාවට දීමට

ඒක ආත්මාර්ථකාමයනේ. ඕනෑම කෙනෙක් බලය ලබා ගන්න කැමැතියි. අපිට බලය තියෙනවා නම් සම්පූර්ණයෙන් 13 වැනි සංශෝධනය අහෝසි කරන්න ඕන. 13 වැනි සංශෝධනය නිසානේ පළාත් ඇමැතිවරු පත් වුණේ. පසුගිය ආණ්ඩුව විසින් යුද්ධයක් දිනලා, 2/3 බලයක් තියාගෙන ඒක අහෝසි නොකිරීම විශාල පාප කර්මයක්. ඒ වැරැද්දෙ ප්‍රතිඵල තමයි අපි විඳින්නේ.

පසුගිය ආණ්ඩු කාලයේ “13 ප්ලස්” දෙන්න පොරොන්දු වුණා නේද?

13 ප්ලස් දෙනවා කීවේ ජනාධිපති රාජපක්ෂ නෙවෙයි, මං හිතන්නේ. ඉන්දියාවේ තානාපතිවරයා කීව දෙයක් ඒක. කොහොම කීවත් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි.

මේ වගේ ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නෙ සංහිඳියාව උදෙසානෙ. දෙමළ මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්නනෙ. දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳගන්න උතුරට ස්වාධීන බලතල දෙනවා නම් උතුරේ දෙමළ ජනතාව ඉන්නේ 48%ක් පමණයි. 50%කට වඩා ඉන්නේ දකුණෙ සිංහල ජනතාව සමඟයි. උතුරට බලතල දෙනවා නම් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න? ඒ තුළින් කොහොමද දකුණේ සිටින දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නෙ. දකුණෙ සිටින දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන මේ අයට වුවමනාවක් නෑ කියන එකද මෙමඟින් කියන්නෙ. එහෙම නැත්නම් මේ අයගේ ප්‍රශ්න විසඳිලාද? ඒකෙන්ම පේනවා මේක බොරුවක් කියලා.

දෙමළ සන්ධානයත් කියනවා බුද්ධාගමට ප්‍රමුඛ තැන දීමට ඒකඟයි. බුද්ධාගමට ප්‍රමුඛ තැන දීම ගැන තවත් මොනවද තියෙන ප්‍රශ්න?

ඔය ඔක්කොම බොරු කතා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම හා බුද්ධාගම පිළිබඳ කිසිම කරුණකට අප අත තබන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා කිව්වහම අපත් සන්තෝෂ වෙනවා. නමුත් අනෙක් ඒවා ඔක්කොම දීලා ඉවරයි. මේ අය කොහොමත් බුද්ධාගමට අත තියන්නේ නැහැ. බුද්ධාගමට අත තිබ්බොත් 2/3 නෙවෙයි සාමාන්‍ය බහුතරයක්වත් ලැබෙන්නේ නැති බව ඒ අය හොඳටම දන්නවා. බුද්ධාගමට ප්‍රමුඛ තැන දීම ඇතුළත් කර ඇත්තේ ඒකට ජනතාවගේ අවධානය යොමු කරලා අනෙක් ඒවා දෙන්නයි. මේකට විකල්ප දෙන්න බැහැ. මේක බෞද්ධ රටක්. අත තිබ්බොත් මේ අයගේ විනාශය බව ඒ අය දන්නවා

Related posts

“මට වෙඩි තැබීම ගැන කවුරුත් දුක් වෙන්නෑ..“ සයිටම් දොස්තර රුසියාවේ සිට කතා කරයි !

colombotoday

ළිඳුල, රහන්වත්තේ නිවාස පෙළක ගින්නක්…

Admin

පළපුරුදු බුද්ධි නිලධාරීන් ආරක්ෂා කරනවා වෙනුවට රජය ඔවුන්ව සිරගත කරලා.. ජාතික ආරක්ෂාව රැකෙයිද?

colombotoday

සංශෝධන රහිතව සම්මත වූ අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතට අපි විරුද්ධයි – හෙළ උරුමය

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ලංකාවට එවු කෝටි 60ක බඩු මුහුදේදී ගිනි අරන්

colombotoday

සිසුවියට අරක්කු පොවා තිදෙනෙක් දූෂණය කරලා

Admin