Colombo Today Local News

විශ්වවිද්‍යාල කලා උපාධි පාඨමාලා රැසක් යාවත්කාලීන කිරීමේ තීරණයක්

විශ්වවිද්‍යාල කලා උපාධි පාඨමාලා විෂයන් රැසක් රැකියා වෙළෙඳ පොලට සරිලන පරිදි යාවත්කාලීන කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් මහතා සඳහන් කරන්නේ, කලා විෂය ධාරාවන්ගෙන් උපාධි පාඨමාලා 314ක් ක්‍රියාත්මක බවයි.

එම උපාධි පාඨමාලාවල ගුණාත්මක බව පවත්වාගනිමින් වත්මන් රැකියා ලෝකයට සරිලන පරිදි අදාළ යාවත්කාලීන කිරීම් සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අදාළ යාවත්කාලීන කිරීම් ලබන වසර අවසාන වීමට පෙර සිදු කිරිමට නියමිතයි.

වත්මන් සමාජයේ පවතින රැකියා ඉල්ලුමට සරිලන පරිදි වෘත්තිමය හා ප්‍රායෝගික හැකියාවන් වර්ධනය කර සිසුන්ට යහපත් අනාගතයක් නිර්මාණය කිරීම එහි අරමුණ බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Related posts

ආරක්ෂක අංශ සාමාජිකයන් නිල ඇඳුමෙන් දේශපාලන ප්‍රචාරක කටයුතු බෑ

colombotoday

ලාන් කාන්ත රිමාන්ඩ්

colombotoday

තත්වය දරුණ අතට… සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා ආසාදනය වෙලා !

colombotoday

දෙදරු පියෙක් උදලු මිටකින් පහරදී ඝාතනය කරලා…

colombotoday

මෙරටට ඇතුළුවන ගුවන් සමාගම් ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තුවලින් තාවකාලිකව නිදහස්

colombotoday

මාලිගාවත්තේ නිවාස සංකීර්ණයක හුදකලා බවින් ඉවතට

colombotoday