Colombo Today Local News

ආරක්ෂක අංශ සාමාජිකයන් නිල ඇඳුමෙන් දේශපාලන ප්‍රචාරක කටයුතු බෑ

සක්‍රීය සේවයේ යෙදී සිටින හෝ විශ්‍රාම ලබා ඇති ආරක්ෂක හමුදා සාමාජිකයන්/ පොලිස් නිලධාරීන් ස්වකීය නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූප ප්‍රසිද්ධ කරමින් දේශපාලන ප්‍රචාරක කටයුතු වල යෙදීම සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම සක්‍රීය සේවයේ සිටින කිසිම ආරක්ෂක අංශ සාමාජිකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම හැර වෙනස් කිසිඳු දේශපාලන ක්‍රියාවලියකට නිරතවීමේ අයිතියක් නොමැති බවත් අමාත්‍යාංශය පවසයි.

සක්‍රීය සේවයේ සිටින ආරක්ෂක අංශ සාමාජිකයෙන් කිසියම් දේශපාලන පක්ෂ හෝ අපේක්ෂක ප්‍රවර්ධනය කාර්යයෙහි නිරත වී හා එසේ කිරීම සඳහා ස්වකීය ප්‍රකාශ හා ඡායාරූප භාවිත කිරීමට ඉඩ දීමද දඬුවම් ලැබිය හැකි මෙන්ම දඬුවම් ලැබිය යුතු වරදක් බවත් අමාත්‍යාංශය පවසයි.

එසේම නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා යුධ, නාවික, ගුවන් හමුදා සාමාජිකයන්/ පොලිස් නිලධාරීන් අපක්ෂපාතීව ක්‍රියා කළ යුතු බවත් ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Related posts

මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට..

colombotoday

එක්නැලිගොඩ නඩුවට චම්පිකගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සැරසේ

colombotoday

පෞද්ගලික බස් රථ වර්ජනයක්

colombotoday

වෙලේ සුදාව වහාම පරීක්ෂා කර අසනීප තත්ත්වය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

Admin

ISIS ගැන රජය අවධානයෙන්: ආරක්ෂක ලේකම් කියද්දී, ජනපති උපදේශක සාලි මරාගෙන මැරෙන්න යයි

colombotoday

යුක්‍රේන සංචාරකයින් පොළොන්නරුවටත් යයි.

colombotoday