Colombo Today Local News

“සඟරුවනට නීති දාන්න රජයට බලයක්‌ නෑ.. මේ පනත භික්‍ෂු සමාජයට ඉතා අහිතකරයි !”

hela urume236භික්‍ෂුන් වහන්සේට නීති පැනවීමේ බලයක්‌ රජයට නොමැති බව රාමාඤ්ඤ මහා නිකායේ දක්‌ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසයි.

භික්‍ෂුන් වහන්සේට අලුතින් නීති පැනවීමට අවශ්‍ය නොමැති බවත් සිදුකළ යුත්තේ භික්‍ෂු කතිකාවත්වලට නීතිමය බලය ලබාදීම බවත් උන්වහන්සේ අවධාරණය කළහ. රාමඤ්ඤ නිකාය දශක තුනක්‌ තිස්‌සේ තම නිකායේ භික්‍ෂූ කතිකාවතට නීතිමය බලය ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

භික්‍ෂූ චරිතයට නොගැලපෙන දුෂ්ශීල අශීලාචාර කටයුතුවල යෙදෙන සිවුරු පොරවාගත් පුද්ගලයන් ශාසනයෙන් පලවා හැරීම සඳහා ඒ ඒ නිකායන් සතු භික්‍ෂු කතිකාවතට නීතිමය බලය ලැබිය යුතු බව සෝභිත හිමියෝ පැවසූහ.

එම නිසා අලුතින් නීති පැනවීමට කිසිම අවශ්‍යතාවක්‌ නොමැති බව උන්වහන්සේ පැවසූහ.

ථෙරවාදී භික්‍ෂු කතිකාවන් ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතෙහි භික්‍ෂු සමාජයට ඉතා අහිතකර අංග ලක්‍ෂණ රැසක්‌ පවතින බව ජාතික හෙළ උරුමයේ උප සභාපති පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාවේ කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද පවසනවා.

මෙවැනි පනත් ගෙන ආ යුත්තේ පුළුල් කතිකාවතකින් අනතුරුව බවත් උන්වහන්සේ කියා සිටියහ.

මෙවැනි පනත් කලබලයෙන් ගෙන ඒම තුළින් ශාසනයට හෝ භික්‍ෂු සමාජයට වැඩක්‌ සිදු නොවනු ඇති බවත් අතුරලියේ රතන හිමියෝ කීහ.

-දිවයින

Related posts

අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීමට තිත. ජනපති හදිසි නීති රෙගුලාසි පනවයි. | කොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් නිවුන්හැල්ල පත් කරයි.

colombotoday

දෙමළ ජාතික සන්ධානයේ විරෝධතා ව්‍යාපාරයට දමිළ ජනතාවගේ විරෝධය

colombotoday

ප්‍රදේශ කිහිපයකට අද වැසි

colombotoday

බූස්ස බන්ධනාගාරයේ රැදවියන්ගේ උපවාසය අවසන්

colombotoday

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවියට වැඩපිළිවෙලක්

Admin

අච්චු ගහලා සල්ලි බෙදලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. උද්ධමනය වැඩි වෙලා. පාන් ගෙඩියක් ගේන්න කරත්තයකින් සල්ලි ගෙනියන්න වෙයි

colombotoday