Colombo Today Local News

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (06)දින උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

මේ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු පියවර සාර්ථක වී ඇති අතර දෙවන අදියර පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

සිංගප්පූරුව සමග අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පසුගිය කාලයේ නිසි ලෙස ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබී නැති අතර, එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් එයින් රටට ලැබෙන වාසිය අති විශාල බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම අග්නිදිග ආසිය සමග ආර්ථික සම්බන්ධතා තව තවත් ශක්තිමත් කිරීමට ද මෙම ගිවිසුම හේතුවන බව ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කරලීම උදෙසා ජපාන සහයෝගීතා ආයතනය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා බැංකුව සහයෝගය ලබාදෙන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපානය එකඟත්වය පළ කිරීම සුබ ලකුණක් බව ද පැවසු ජනාධිපතිවරයා, පසුගිය කාලයේ සිදුව තිබු ඇතැම් ක්‍රියා හේතුවෙන් ජපානය සමග මිත්‍රත්වය පළුදු වී තිබුණු බව ද පැවසීය.

මේ වනවිට චීනය සමග මුලික සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, අතීතයේ සිටම චීනය අපේ රටට සහාය ලබාදුන් බව ද කියා සිටියේය.

එමෙන්ම ඉන්දීයාව සමග ද සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, ඉන්දියාවේ සහයෝගය නිරන්තරයෙන් අපේ රටට ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පහසුකම් සැලසීම සඳහා ඉන්දියාව, චීනය සහ ජපානය වැනි ණය දෙන රටවල් සමග හැකි ඉක්මනින් ගිවිසුමකට එළැඹීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“ණය ලබාදුන් රටවල් හා පුද්ගලික ණයහිමියන් සමග එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව අපට IMF සහතිකය ලබාගත හැකි වෙනවා. දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකන් ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා. IMF සහතිකය ලබාගැනීමෙන් පසුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතනවලින් අතරමැදි මූල්‍ය පහසුකම් හෙවත් බ්‍රිජිං ෆිනෑන්ස් (Bridging Finance) පහසුකම් ලබාගැනීමට අපට පුළුවන් වෙනවා. ඒ සඳහා ඩොලර් බිලියන 1, 2ක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ණය පහසුකම් ලබාදෙන වෙනත් රටවල් සමග සාකච්ඡා කර ද්විපාර්ශික ණය ලබාගැනීමේ අවස්ථාව මේ සමග උදාවෙනවා. ඊට පසුව එම මුදල් ලබාගන්නා ගමන් අනෙක් රටවල් සමග සාකච්ඡා කරනවා.”

Related posts

මෙවර සිංහල අවුරුද්දට සිරකරුවන් බලන්න ඥාතීන්ට අවස්ථාව නැහැ

colombotoday

රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති වුනොත් තේරෙයි මෙ පදවිය කෙතරම් දුෂ්ටද කියලා – සරත් විජේසූරිය

colombotoday

ඇස්තමේන්තුගත විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රට තුළ ඉන්නේ 50%ක් පමණයි

Admin

කඩු 6,000ක් ආනයනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා කාදිනල් තුමන් ගොනුකළ පෙත්සම කැඳවන්න නියෝග

colombotoday

මහින්දට තිබෙන දේශපාලන පෞරුෂත්වය ජනපති මෛතී‍්‍රට නැහැ – ආචාර්ය නිර්මල් රංජිත් දේවසිරි

colombotoday

අලුත් ව්‍යවස්ථා ක්‍රියාවලියට රතන හිමියෝත් එරෙහි වෙති

colombotoday