Colombo Today Local News

WTC හිදිමින් කෝටිපති මැති ඇමතිලා ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් ගසා කෑ කතගේ සෙල්ලම් මාට්ටු

විදේශ රටවල මුදල් නැත්පතු සහ නොයෙකුත් ව්‍යාපාරවල තැන්පතු කිරීම වෙනුවෙන් ලාභදායී මුදලක් ලබාදෙන බව කියමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ පවත්වාගෙන ගිය ආයතනයක හිමිකාර කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (ඔක්. 5) අත්අඩංගුවට ගත්තේ ය.

කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයන්, සුප්‍රසිද්ධ වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සැකකාරියගේ ආයතනයට රුපියල් කෝටි ගණන් මුදල් ගෙවා ඇති අතර එම මුදලට ලාභදායි පොළී මුදලක් නොගෙවීම මත කෝටිපතියන් 10 දෙනෙකු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.

මේ පුද්ගලයන් අතර එක්තරා සුප්‍රසිද්ධ සුපිරි දේශපාලනඥයෙකු ද සිටින බවත් මැය අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුද ඇයට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

කොළඹ සහ ඒ අවට සුපිරි මහල් නිවාස සංකීර්ණ (එපාර්ට්මන්ට්) ලබාදෙන බව කියමින් ද ඇය මුදල් වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක් කීය.

සැකකාරිය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල කුලී පදනම මත ලබාගෙන මෙම ව්‍යාපාරයේ යෙදෙන අතර ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ 16ක් ගෙවන බව ද හෙතෙම සඳහන් කළේ ය.

සැකකාරිය අවි සහිත ආරක්ෂක භටයන් සමග ගමන් කරන බව ත් ඒ සඳහා ඇයට ආරක්ෂාව ලබා දී ඇත්තේ සුප්‍රසිද්ධ ආරක්ෂක ආයතනයක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීය.

ඇය මෙම නීති විරෝධී ක්‍රියාවල යෙදීමෙන් රුපියල් කෝටි ගණනින් මුදල් උපයන අතර ඒ සඳහා ඒජන්සි 5ක් ලියාපදිංචි කර ඇති බව ද රහස් පොලිසිය කීය.

එක්තරා සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු ලාභයක් ලබාගැනීම සඳහා කෝටි 40ක් ලබා දී ඇතත් එම මුදල ඇය වංචාසහගත ලෙස ලබාගත් බව කියමින් ඔහු පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

ඇයට හසු වූ සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නළුවෙකු ගැන ද තොරතුරු හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

විදේශ ව්‍යාපාරවල තැන්පතු, මැණික් සහ ස්වර්ණාභරණ සඳහා තැන්පතු, විදේශ මුදල් ආයෝජන වැනි දේ කියමින් දිවයිනේ සුප්‍රසිද්ධ කෝටිපතියන් ඇසුරු කළ ඇය ඔවුන් සමග කාලය ගත කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතී.

බෙන්ස්, ප්‍රාඩෝ, බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුපිරි වාහන සතු ඇය ආරක්ෂා කිරීම සඳහා වෙනම ම ආරක්ෂක කණ්ඩායමක් ඇය සතුව ඇති බවත් එම ආරක්ෂක කණ්ඩායමේ ප්‍රකාශ සටහන් කර ගැනීමට මේ වන විටත් කටයුතු යොදා ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.

මෙම කෝටිපති ව්‍යාපාරිකයන් ‘බ්ලැක් මේල්’ කරමින් ද මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව ත් ඒ සම්බන්ධයෙන් සත්‍ය කරුණු හෙළි කර ගැනීමට ඊයේ ම විමර්ශනයක් ආරම්භ කළ බවත් උසස් පොලිස් නිලධාරියෙක් ‘මව්බිම’ට සදහන් කර ඇත.

සැකකාරිය කෝටිපතියන් පමණක් ඇසුරු කර ඇති බවත් ඇයට හසුවුණු ශ්‍රී ලාංකික ජනප්‍රිය කෝටිපතියන් රැසක් ගැන මේ වන විට ත් තොරතුරු හෙළි වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ මෙහෙයවීම මත විමර්ශන සිදු කෙරේ.

-මව්බිම-

Related posts

කොටි සංවිධානයත්, එහි නායකයාත් විනාශ කළේ දෙමළ සන්ධානයේ නායකයන් !!

colombotoday

“තීරණය වෙනසක් නෑ.. වෛද්‍යවරුන් බිහිකිරීමට SITM සුදුසු නෑ” – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

ඉන්ධන මිල අඩුකළ හැකි – ඇමැති කියයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 2,000ක් බැඳුම්කර බාරගන්න කිව්වා

colombotoday

සීයා සහ 14 හැවිරිදි මුණුබුරා අවුරුදු 7ක දැරියකට කළ මහ අපරාධය

colombotoday

ඉන්දීය ණය ගෙවන්න වසර 12ක් ලැබෙයි

Admin