Colombo Today Local News

රට යනවනම් වැඩියෙන් ගෙවන්න වෙයි… පාස්පෝර්ට් එකත් අද සිට ගණන් උස්සයි

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ ගාස්තු අද (01දා) සිට වැඩිවීමට නියමිතය. ඒ අනුව සෑම රටක් සඳහාම නිකුත් කරන (All Country) විදේශ ගමන් බලපත්‍ර ගාස්තු හා අවුරදු 16ට අඩු දරුවන් වෙනුවෙන් නිකුත් කරන සියලු රටවල් සඳහා බලපාන විදේශ ගමන් බලපත්‍ර ගාස්තු වැඩිවීමට නියමිතය.

මේ වනවිට සෑම රටක් සඳහාම නිකුත් කරන ගමන්බලපත්‍ර ගාස්තුවට සාමාන්‍ය සේවාව යටතේ රුපියල් 2500ක ගාස්තුවක් අයකරන අතර, එය රුපියල් 3000 දක්වා වැඩිවන බවත්, එක්දින සේවයෙන් ලබාගන්නා බලපත්‍ර සඳහා වන ගාස්තුව රුපියල් 7500 සිට 10,000 දක්වා වැඩිවන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂාන් සොයිසා මහතා පැවසීය.

එසේම අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සාමාන්‍ය සේවය යටතේ නිකුත් කරන සෑම රටක්ම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ගාස්තුව රුපියල් 1500 සිට රුපියල් 3000 දක්වා වැඩිකර තිබේ.

මේ අතර ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් අයදුම් කරන්නන්ට එහි ප්‍රධාන අයදුම්කරුට ගෙවීමට තිබූ ගාස්තුව රුපියල් 250,000 සිට 300,000 දක්වා වැඩිවන බවත්, අනෙක් අයදුම්කරුවන්ගේ රුපියල් 50,000 ගාස්තුව වෙනස් නොවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ශ්‍රීලනිප මන්ත්‍රීන්ට නැවතත් රතු එළි.. 65ට නා අයට විනය පියවර ගන්න යයි!

colombotoday

වසන්ත මුදලිගේ ජාතික රෝහලේ සමේ රෝග සායනයට රැගෙන යයි

Admin

අවුරුදු 15 ට වැඩි සියලුම පුරවැසියන්ට ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත්

colombotoday

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin

ධම්මික පැණිය කොරෝනා ආසාදිතයින්ට සුදුසු නැහැ | සායනික පරීක්ෂාවෙන් පැණිය ෆේල්

colombotoday

ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ – අගමැති

colombotoday