Colombo Today Local NewsUncategorized

වනිඳු ට යලිත් තරග තහනමක්

බංග්ලාදේශය සමග පැවැති එක් දින ක්‍රිකට් තරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ආචාර ධර්ම කඩ කිරීමේ වරදට ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක, වනිඳු හසරංගට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් තරග තහනමක් පනවා තිබේ.

වනිඳු හසරංග අදාළ තරගාවලියේදී විනිසුරු තීරණයට විරුද්ධත්වය පෙන්වීම තුළින් තම ආචාර ධර්ම කඩකර ඇතැයි, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වේ.

ඒ අනුව බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ තරග දෙකම, ඔහුට තහනම් කළ බව අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

වනිඳු හසරංග වසර තුනකට පසුව පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවූයේ ඊයේ (18) දිනයේදී යි.

මේ අතර වනිඳුට තරග ගාස්තුවෙන් සියයට පණහක් දඩ ලෙස නියමකර ඇති අතර, දඬුවම් ලකුණු 3ක්ද ලබා දී ඇත.

නිමා වූ මාස 24ක කාලය තුළ වනිඳුට ලබා දී ඇති දඩුවම් ලකුණු සංඛ්‍යාව 8ක්.

මේ අතර බංග්ලාදේශයට එරෙහි තුන් වැනි එක් දින ක්‍රිකට් තරගය අවසානයේදී විනිසුරුවරුන්ට අතට අත දීමේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ආචාර ධර්ම කඩවන ලෙස කටයුතු කළ බවට එල්ල වූ චෝදනා පිළිගත් ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස්ටද දඩ නියම කර තිබේ.

ඒ අනුව ඔහුටද තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් නියම කර ඇති අතර, දඬුවම් ලකුණු 3ක් ලබා දුන් බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිවේදනයේ සඳහන්.

Related posts

චීනය හා හොංකොං යා කරමින් ඉදිකළ ලොව දිගම පාලම විවෘත කෙරේ

colombotoday

වගාව රැක ගන්න ගිය තිදරු පියාට අත් වූ ඉරනම

Admin

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට

Admin

සහරන්ගේ මල්ලි හිටියේ ගැබිණි වාටුවේ? හකීම්ගෙන් ඉල ඇදෙන පිළිතුරක්

colombotoday

යාපනය ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනයක් නෑ

colombotoday

කොල්ලකරුවෝ නිවෙසට පැන ගෙහිමි පියා මරා භාණ්ඩ සොරා ගෙන. පුතුත් රෝහලේ…

colombotoday