Colombo Today Local News

මුහුදු ගිය සැමියා එද්දී බිරිඳ අභිරහස් ලෙස මිය ගිහින්

වැලිගම ප්‍රදේශයේ නිවසක කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයා ගෙන තිබේ.

අද (25) උදෑසන ඒ සම්බන්ධයෙන් පොලීසියට නිර්නාමික දුරකථන පණිවුඩයක් ලැබී ඇති අතර ඒ අනුව අදාළ නිවාසය පරීක්ෂා කිරීමේදී එම කාන්තාවගේ සිරුර හමුවී ඇත.

එසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 52ක් වන ජෝති කොරටුව, වල්ලිවල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

එම කාන්තාවගේ සැමියා ඊයේ (24) දහවල් ධීවර රැකියාව සඳහා ගොස් ඇති අතර ඔහු නැවත නිවසට පැමිණ ඇත්තේ අද උදෑසනය.

ඔහු පැමිණෙන විට සිය බිරිඳ කාමරයක ඇඳ මත මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.

එම මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

Related posts

පාසල් සිසුන් 20කට ඒඩ්ස්… අවුරුදු 9ට අඩු ළමුන් 71කටත් ආසාධනය වෙලා

colombotoday

ට්‍රෑෆික් දඩ ගෙවන්න සහනයක්

colombotoday

නාඩගම් නවතා මැතිවරණයකට එන්න – අගමැති මහින්දගෙන් අභියෝගයක්

colombotoday

5 ශිෂ්‍යත්ව විභාගය වෙනුවට වෙනත් විභාගයක් – ජනපති

colombotoday

පොලිස් පොලු හරඹ වලට එරෙහිව ජපුර සිසුන් විරෝධතාවක, පාරවල් අවහිරයි.

colombotoday

කෑගල්ල අධිකරණය දුන් නියෝගය වහාම ක්‍රියාත්මක කරන්න පොලිස්පති CIDයට දැනුම්දෙයි

colombotoday