Colombo Today Local News

5 ශිෂ්‍යත්ව විභාගය වෙනුවට වෙනත් විභාගයක් – ජනපති

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කළේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපන ක‍්‍රමයක් හදුන්වාදීම වෙනුවෙන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. ඒ ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන දරුවන්ගෙන් සියයට 86ක්ම ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ අය බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ. 

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 07 ශ්‍රේණියේ දී හෝ 08 ශ්‍රේණියේදී විභාගයක් පවත්වා එම ප‍්‍රතිඵල මත සිසුන්ගේ දක්ෂතා අනුව ඔවුන් එක් එක් විෂය ක්ෂේත‍්‍රයන්ට යොමු කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමන්න තීරණය කරයි

colombotoday

එජාප අලුත් මන්ත්‍රීවරියක් දිවුරුම් දෙයි

colombotoday

සිසුන් 6කගේ ජල බෝතල් වලට වස දාල

Admin

අප්‍රේල් 30 දක්වා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

colombotoday

සංචරණ සීමා ඉවත් කළ පසු පළාත් තුළ පමණක් දුම්රිය සහ බස් ධාවනය කිරිමට සැලසුම්

colombotoday

බණ්ඩාරගම පල්ලියේ ප්‍රහාරයට ලක්වූ කාන්තාවගේ නිවස මුස්ලිම් ජාතිකයන් වට කරති

colombotoday