Colombo Today Local News

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුව පිළිගන්නේ නැහැ

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුව පිළිනොගන්නා බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් තුමන් පවසති.

එමෙන්ම මේ වනවිට ජනාධිපතිවරයාට ලබාදී ඇති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් තමන්ට ලබාදෙන තුරු පක්ෂ විපක්ෂ දේශපාලකයන් හමුවීම ප්‍රතික්ෂේප කරන බවද එතුමන් පවසා සිටිති.

එතුමන් මේ බව දැනුම් දී ඇත්තේ රජයේ සහ විපක්ෂයේ ක​තෝලික මන්ත්‍රීවරු මාර්තු මස දෙවැනිදා අගරදගුරු අති මැල්කම් කාදිනල් රංජිත් තුමන් මුණ ගැසීමට සිටින බවට දැනුම්දීමත් සමගය.

ඒ අනුව අගරදගුරු ලේකම් කාර්යාලය දැනුම් දෙන්නේ මෙම මාර්තු මස 2 වැනිදා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් තුමන් සහ කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර පැවැත්වීමට නියමිතව තිබූ හමුව කල් දමන බවයි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා කටුවාපිටියේදී ජනතාව කළ නිහඬ විරෝධතාව පැවැති ස්ථානයට ගිය අගරදගරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීමට සා. පෙළවත් සමත් නැති කණ්ඩායමකට අධ්‍යයනය කිරීමට ලබාදී ඇති බවයි. එවැනි මිනිසුන්ට කොමිසමේ උගත් කොමසාරිස්වරු දුන් විනිශ්චය තීරණය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවත් පැවැසීය.

Related posts

රණවිරු උපවාසය ලෙසින් කොටුවේ තිරගත වෙන ගුණමකු ජාතියක හෙළුව

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවට ජනපතිගේ ප්‍රශංසාව

colombotoday

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් උභය මැදවෙල

colombotoday

හිටපු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රවී සෙනෙවිරත්න CIDයට

colombotoday

කැටගොඩ මන්තී‍්‍ර ධුරයේ දිවිරුම් දෙයි

colombotoday

දෙමටගොඩ රුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday