Colombo Today Local News

“දේශීය සංස්කෘතිය, උරුමය වනසන්න කිසිවකුටත් ඉඩ දෙන්නේ නෑ” – ජනපති කියයි

විජාතික සංස්කෘතීන් වැලඳගෙන දේශයේ අභිමානවත් සංස්කෘතිය හා සභ්‍යත්වය විනාශ කිරීමට කිසිවකුටත්, කිසිවිටකත් ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. රටේ නීතියටත් වඩා සංස්කෘතීන්, සම්ප්‍රදායන්, සහ සිරිත් විරිත් බලවත් බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකියන් ලෙස හැමවිටම අපේකම, දේශීය සංස්කෘතිය, සිරිත් විරිත් හා පාරම්පරික උරුමයන් රැකගත යුතු බව පැවසීය. ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පෙරේදා (29) පැවති ශිල්ප 2014 ජාතික හස්ත කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි.

ලෝකයේ දියුණු රටවල් වලට නැති මහා ඉතිහාසයක්, සංස්කෘතියක් අපේ රටට තිබෙනවා. නමුත් ලෝකයේ දියුණු රටවලට එවැනි දීර්ඝ ඉතිහාසයක් හා සංස්කෘතියක් නැහැ. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ ඉතිහාසය හෝ ඉතිහාස සංස්කෘතීන් පිළිබඳව බොහෝ දේ කතා කරන්න බැහැ.

අපිට නොගැලපෙන දේ වැළඳ ගැනීමෙන් අපි අපේ දේවල් වල වටිනාකම් අඩු කර ගන්නවා. නමුත් සිදුවිය යුත්තේ අපේ වටිනාකම් අපි වැඩිකර ගැනීමයි. ඒ සඳහා කළ යුතු වන්නේ දේශීය දේ ඇගයීමට, ප‍්‍රචලිත කිරීමට සහ ඊට අත හිත දීමයි. අපේ දේශීය දේ සඳහා විදේශ වෙළෙද පොලේ වැඩි වටිනාකමක් තිබෙනවා. ඒ නිසා එසේ කළ යුතුමයි.

මෙම අවස්ථාවට කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී සිටියා.

Related posts

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩුයි – කථානායක මැතිවරණ කොමිසමට දන්වයි

colombotoday

දෙමළ කතාකළ හැකි අලුත් ආණ්ඩුකාරයා ගැන විග්නේශ්වරන් සතුටින්

colombotoday

රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දුව අද වාර්තා කරයි…

colombotoday

ජනපති බලගතු තීරණයක් ගනී… දේශපාලනය උඩු යටිකුරු වෙන්න යයි !

colombotoday

ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

Admin

පෙරටුගාමී ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම අද පස්වරුවේ

colombotoday