Colombo Today Local News

රිෂාඩ්ගේ කාලේ සතොසේ සිදුව ඇති බිලියන ගණනක වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ ෆයිල් මිටි අතුරුදහන්

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වෙළෙඳ ඇමැතිවරයාව සිටි අවධියේදී සතොසේ සිදුව ඇති රුපියල් බිලියන ගණනක වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ ලිපි ගොනු අතුරුදන්ව ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (09)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම වංචාවන්හි මුල මැද සහ අග සොයා ගැනීම ගැටලුවක්ව ඇති නිසා දැනටමත් විගණන සමාගමක් වෝහාරික විගණනයක් ආරම්භ කර ඇතැයිද කී ඇමැතිවරයා අදාළ ලිපි ගොනු අතුරුදන්වී ඇති බව අනාවරණය වී ඇත්තේ මෙම විගණනයේදී බවද කීය.

මේ හේතුවෙන් මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව කී ඇමැතිවරයා සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි ලෙස 2015 සහ 2019 අතර කාලයේ සතොස ඇතුළු ඊට සම්බන්ධ ආයතනවලට අසාමාන්‍ය ලෙස අලාභ සිදුකර ඇතැයිද අවධාරණය කළේය.

සතොස සැපයුම්කරුවන්ට පමණක් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන අටකට අධික බවද මෙහිදී හෙළිවිය. එක් සැපයුම්කරුවෙකුට පමණක් රුපියල් කෝටි අටකට වඩා ගෙවීමට තිබෙන බව අනාවරණය කෙරිණි.

පත්කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

Related posts

අධිකරණ ඇමති වැඩ අරඹයි

colombotoday

මහින්ද පන්නා 3/2 හදා ව්‍යවස්ථාව සම්මතකර ‘අසුර කල්ලියේ‘ කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි…

colombotoday

පොලිස්පති පූජිත ‘හොදම රාජ්‍ය සේවකයා‘ සම්මානයෙන් පිදුම් ලබයි !

colombotoday

නීතිවිරෝධීව මුදල් තොගයක් ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායකදී මාට්ටු

colombotoday

භූමදානයට මාර්ගෝපදේශ එනතෙක් සිරුරු මෘත ශරීරාගාර තුළ

colombotoday

වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි

Admin