Colombo Today Local News

අධිකරණයෙන් කට්ටි පැන්න හිටපු කොටි නායකයෙක් අල්ලන්න වරෙන්තු !

emil-kanthanකොටි සංවිධානයේ හිටපු නායකයකු වන එමිල් කාන්තන්ට එ විවෘත වරෙන්තු නිකුත් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (15) නියෝග කර තිබේ.

ඒ පසුගිය සුනාමි සමයේ උතුරු නැගෙනහිර විපතට පත් වුවනට සහන සැලැස්වීමට පිහිට වූ ආයතනයක් මගින් රුපියල් මිලියන 124ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙනි.

එමිල් කාන්තන් අත්අඩංගුවට ගැනීමට මීට පෙර රතු වරෙන්තුවක්ද නිකුත් කර තිබූ නමුත් තමන් ශ්‍රී ලංකා රජයට භාර වීමට යූදානම් යැයි නීතිවේදීන් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටි නිසා ඔහු අත් අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කළ රතු නිවේදනය ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබිණ.

කෙසේ නමුත් ඔහු කියූ පරිදි ශ්‍රී ලංකා රජයට භාර නොවූ බැවින් ඔහුව දුටු තැන ඇල්ලීමට යලි වරෙන්තු නිකුත් කරන ලදී.

ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීමට තැත්කිරීමේ නඩුවේ දෙවන සැරකකරුවා ලෙසද ඔහුව නම් කර සිටියි.

Related posts

තණමල්විලටත් අයිස්…

colombotoday

ඩයලොග් ආයතනයට ප්‍රහාරයක්… දුරකථන ජාලා බිද වැටෙයි !!

colombotoday

එජාප සභාපති මලික් සමරවික්‍රම ඉල්ලා අස්වෙයි

colombotoday

බෙහෙත් ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පාරට බසිති

Admin

හමුදාව යොදවා උතුරේ කාණු සුද්ද කරන්න විග්නේශ්වරන් යෝජනා කරයි

colombotoday

මැතිවරණ නීතිවිරෝධී ක්‍රියා වීඩියෝ කිරිමට පොලිසිය පියවර ගනියි

colombotoday