Colombo Today Local News

ගෑස් මිල ඉහළ දමන්නැයි ඉල්ලීම්

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාමත් සමග මෙරට භාවිතයට ගැණෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් ඉල්ලීමක් කර තිබේ.

වර්තමානයේ පවතින තත්ත්වය තුළ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එම සමාගම් පෙන්වාදෙයි.

ඒ අනුව ඊට සමගාමීව මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ නංවන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව එම සමාගම් සඳහන් කරයි.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වන විට මෙරට තුළ අලෙවි කරනු ලබන්නේ රුපියල් 1,493කට බව පෙන්වාදෙන එම සමාගම් එය අවම වශයෙන් රුපියල් 1,900 දක්වා හෝ වැඩි කළ යුතු බව සඳහන් කර තිබේ.

වර්තමානය වන විට මෙරටට ගෑස් ආනයනය කරනු ලබන්නේ සෞදි අරම්කෝ මිල දර්ශකයට වන අතර අද දිනයේ සිට ප්‍රොපේන් මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 605 ක් දක්වා ඉහළ දමා ඇති බව සඳහන් වේ.

Related posts

“ජනපති – අගමැති සමගියි.. මහබැංකු අධිපති නිර්දේශ කරන්නේ මමයි” – මුදල් ඇමති

colombotoday

HNDA ඩිප්ලෝමාව උපාධිය හා සම තත්වයට

colombotoday

රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම ඇරඹෙයි

colombotoday

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පනවා තිබූ සීමා ඉවතට

colombotoday

විජිතමුණි සොයිසාට අලුත් අවුරුද්දට අප්පච්චිගෙන් සුබ පැතුම්

colombotoday

අසීලාචාර හැසීරීමට හේතු කියා සනත් නිශාන්ත කථානායකට ලිපියක් ලියයි

Admin