Colombo Today Local News

හඩ පටයෙන් සියල්ල හෙළි වේ… ගිං-නිල්වලා ව්‍යාපෘතියේ ඇමති දෙපළකගේ සුපිරි ගැහිල්ලක් එළියට…

ගිං නිල්වලා යෝජනාව ක්‍රියාත්මක කිරීම වර්තමාන ආණ්ඩුව යටතේ ප්‍රමාද වී තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන තිහක කොමිස් මුදලක් හරස් වී තිබීම නිසා බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව සමඟ සමීප සබඳතා පවත්වාගෙන යන ආණ්ඩුවේ ඉහළම පුද්ගලයකුගේ උපදේශකයකුගේ හා ඇමැතිවරුන් දෙදෙනකුගේ නම් මේ කොමිස් මුදලට අෑඳී තිබෙන බවත් ඩොලර් මිලියන 30ක් වන මේ කොමිස් මුදලෙන් මිලියන පහක්, මුදල් වශයෙන් ඩොලර් නෝට්ටුවලින්ම ඉල්ලා ඇති බවත් අනෙක් මිලියන 25 සිංගප්පූරුවේ බැංකු ගිණුමකට බැර කරන ලෙසත් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නට ඉදිරිපත් වී සිටින විදේශ සමාගමෙන් ඉල්ලා තිබෙන බවත් ආරංචි මාර්ග කියයි. දැනගන්නට ඇති අන්දමට මේ තොරතුරු අනාවරණය වී තිබෙන්නේ එම කොමිස් මුදල ඉල්ලා සිටි පුද්ගලයා හා විදේශ සමාගමේ නියෝජිතයකු අතර කතාබහක තොරතුරු ඇතුළත් හඬ පටයක් ලැබීමෙන් පසුවය.

පසුගිය 10 වැනිදා හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහනට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ගනුදෙනුව ගැන ඉඟියක්ද කර තිබිණි.

කොමිස් මුදල හෝ එයට සම්බන්ධ පුද්ගලයන් ගැන හෝ කිසිදු සඳහනක් නොකළ ජනාධිපතිවරයා ගිං – නිල්වලා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය ගැන රටට හෙළිදරව්වක් කරමින් පැවැසුවේ මේ රජයේ අයටද යෝජනා ක්‍රමය ප්‍රමාද කිරීම ගැන පරීක්ෂණ පැවැත්වීමට සිදුවන බව කියමිනි.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයම ඉදිරිපත් නොකර සිටීම පිළිබඳව කරුණු තමා දන්නා බවත් ඒවා තමාගේ මුවින් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ නොතබන ලෙසට ඒ පිළිබඳ වගකිවයුතු දේශපාලන බලධාරීන්ට සිහිපත් කරන බවත් තමන්ගේ දේශපාලන වටිනාකම ආරක්ෂා කරගෙන කටයුතු කරන ලෙස එම බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී අනතුරු ඇඟවීමක්ද කෙළේය.

ඉහත කරුණු ගැන ජනාධිපතිවරයා තවදුරටත් පැවැසුවේ මෙසේය. ගිං – නිල්වලා යෝජනා ක්‍රමය මේ ආණ්ඩුවෙනුත් ප්‍රමාදවීම ගැන පරීක්ෂණයක් පවත්වන්න සිදුවෙයි කියා මට පේනවා. ප්‍රමාද ඇයි කියන කාරණය මම දන්නවා. මම ඒක මෙතැන කියන්නේ නෑ. ඒ නිසා ගිං – නිල්වලා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ වගකීම තිබෙන මේ ආණ්ඩුවේ වගකිවයුතු අය තමන්ගේ දේශපාලන වටිනාකම පරිස්සම් කරගෙන කටයුතු කරන්න ඕනෑ කියලා මම මතක් කරනවා. මාස තුනක් තිස්සේ මේකේ කැබිනට් පේපර් එක පරක්කුයි. පරක්කු කාරණයත් මම දන්නවා. ඒ නිසා ඉතිරි ඒවා මගේ කටින් පිට කරන්න ඉස්සෙල්ලා ඒ වැඩේ කරන්න කියලා මම ඒ අයට ප්‍රසිද්ධියේම කියනවා.

– mawbima

Related posts

නාමල් පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් – විමල් වීරවංශ

Admin

මෛත්‍රීගේ කතාව ජනතාව රැවටීමේ රංගනයක් පමණයි – ප්‍රසන්න රණතුංග

colombotoday

ආගම්වලට නිගරු කළ ජෙරම් ට එරෙහිව පෙත්සමක්

Admin

අගමැති අණින් නිලංග යළිත් සභාපති පුටුවට

colombotoday

“මම දන්නෙත් නෑ.. හමුවෙලත් නෑ” – බැදුම්කර රහස් වාර්තාවේ නම කියවුණු ඇමති දැන් කියන දේ

colombotoday

ඇමති අකිලගේ දේදුණු පාට පාසල් නිල ඇඳුමට විරුද්ධව දෙමාපියන් පාරට බසී !

colombotoday