Business

සිංගප්පූරුවේ පැවති CMO ඒෂියා සම්මාන උළෙලේදී සම්පත් බැංකුවට ඉහළම ගෞරව

බැංකු ක්‌ෂේත්‍රයේ සිය විශිෂ්ටත්වය යළිත් වරක්‌ විදහා දක්‌වමින්, සිංගප්පූරුවේ මැරිනා චතුරශ්‍රයේ පෑන් පැසිෆික්‌හිදී පසුගියදා පැවති CMO ඒෂියා සම්මාන (CMO Asia Awards) උළෙලේදී ගෞරව සම්මාන හතරක්‌ දිනා ගැනීමට සම්පත් බැංකුව සමත් විය.

එහිදී විශේෂිත අංශ හතරක්‌ යටතේ බැංකුව ප්‍රශංසාවට ලක්‌ විය. CMO ඒෂියා යනු විවිධ ක්‌ෂේත්‍රයන්හි සන්නාම සම්බන්ධ තීරණ ගන්නන් අතර දැනුම හුවමාරුව කිරීම වෙනුවෙන් කැපව සිටින ස්‌වාධීනව ක්‍රියාත්මක වන සංවිධානයකි.

ජාතික හිතෛෂී බැංකුකරුවෙකු ලෙස සේවය සලසන සම්පත් බැංකුව ආසියානු කලාපීය බැංකුකරණ, මූල්‍ය සේවා හා රක්‌ෂණ සම්මාන උළෙලේදී (Asia Banking, Financial Services and Insurance Awards Ceremony) ‘පෞද්ගලික අංශයේ හොඳම බැංකුව’ (The Best Banking Private Sector) ලෙසින් සම්මානයට පාත්‍ර විය.

තම ගනුදෙනුකරුවන්ට, පාර්ශ්වකරුවන්ට, දෙAශයට හා එහි පුරවැසියන්ට වටිනාකම් අත්කර දෙමින් කටයුතු කරන සම්පත් බැංකුවට හිමිවූ මෙම සම්මානයෙන් සනාථ වන්නේ, තිරසාරත්වය උදෙසා ක්‍රියාත්මක කරන බහුවිධ ප්‍රවේශය (360 degree approach to sustainability) මෙන්ම විශිෂ්ට මූල්‍ය හා මූල්‍යමය නොවන ක්‍රියාකාරීත්වය, පාර්ශ්වකරුවන් කළමනාකරණය, ආයතනික යහපාලනය හා අවදානම් කළමනාකරණය වෙනුවෙන් වන බැංකුවේ අසමසම කැප වීමයි.

සම්පත් බැංකුවේ ආයතනික උපායමාර්ග, යහපාලනය සහ චිරස්‌ථායී ආර්ථිකයක්‌ වෙනුවෙන් වන කැපවීම යන අංශයන් අතර පවතින ශක්‌තිමත් බැඳීම බැංකුව අනුගමනය කරන තිරසාරත්ව ප්‍රවේශයෙන් අවධාරණය කෙරේ. මේ බව සම්පත් බැංකුව එළිදක්‌වන වාර්ෂික වාර්තාවලින් පිළිබිඹු වන අතර, ආසියානු තිරසාරත්ව විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (Asia Sustainability Excellence Awards) ‘හොඳම තිරසාරත්ව වාර්තාවට’ (Best Sustainability Report) හිමි සම්මානයෙන්ද පිදුම් ලැබීය. තිරසාරත්ව දර්ශනය, පාර්ශ්වකරුවන් කළමනාකරණය, ආර්ථික දායකත්වය හා ආයතනික යහපාලනය සම්බන්ධයෙන් වාර්තාකරණයේදී සම්පත් බැංකුව පවත්වාගෙන යන උසස්‌ ප්‍රමිතීන් එමගින් ප්‍රශංසාවට ලක්‌ කෙරිණි.

එමෙන්ම, නවෝත්පාදනය සමගින් විශිෂ්ටතම බැංකුකරණ විසඳුම් ලබාදීම උදෙසා බැංකුව ක්‍රියාත්මක කරන අසමසම උපායමාර්ග ඇගයීමට ලක්‌ කරමින්, CMO ඒෂියා සම්මාන උළෙලේදී ‘සන්නාමකරණ හා අලෙවිකරණ විශිෂ්ටත්වය’ (Excellence in Branding & Marketing) වෙනුවෙන් වන සම්මානය දිනා ගැනීමටද සම්පත් බැංකුවට හැකි විය. පාර්ශ්වකරුවන් හා ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර අවශ්‍යතාවන්ට සරිලන බැංකුකරණ විසඳුම් සැපයීම සඳහා පවත්වාගෙන යන අලෙවිකරණ උපායමාර්ග, නිෂ්පාදන වගකීම් සහ ඵලදායී අලෙවිකරණ සන්නිවේදනය වෙනුවෙන් සම්පත් බැංකුව එහිදී ගෞරවයට පාත්‍ර විය.

ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කර ගනිමින් බැංකුව සිදු කරන මෙහෙයුම් අතර පාර්ශ්වකරුවන්ගෙA සුබසිද්ධිය උදෙසා, හරවත් මානව සම්පත් ව්‍යවහාරයන් පවත්වාගෙන යැම සම්පත් බැංකුව සිදු කරයි. සාමූහික ප්‍රයත්නය, අවංකභාවය, විනිවිදභාවය වැනි වටිනාකම්වලින් යුත් අසමසම නිපුණත්වයක්‌ පවත්වාගෙන යැම සඳහා වන බැංකුවේ ප්‍රවේශය හේතුවෙන් සම්පත් බැංකුවට ‘කුසලතා කළමනාකරණය’ (Talent Management) වෙනුවෙන් වන සම්මානය දිනා ගැනීමට 7 වැනි ආසියානු හොඳම සේවායෝජක සන්නාම උළෙලේදී (7th Asia Best Employee Brand Awards) හැකි විය. වෘත්තිකයින් හා නායකයන්ගෙන් සමන්විත ක්‍රියාශීලී කාර්ය මණ්‌ඩලයකින් යුත් සම්පත් බැංකුව වෘත්තීමය හා ආචාරශීලි නිපුණත්වයක්‌ බිහි කිරීම උදෙසා කැපවීමෙන් කටයුතු කරයි.

“ශ්‍රී ලංකාවේ බැංකු ක්‌ෂේත්‍රයේ පුරා වසර 29ක්‌ අනුපමේය බැංකු සේවාවක්‌ සපයන සම්පත් බැංකුව, විවිධ පාර්ශ්වකරුවන්ට මූල්‍ය සේවා සපයමින්, ප්‍රමුඛතම බැංකුවක්‌ බවට පත්ව තිබෙනවා. නිරන්තරයෙන් තිරසාර ක්‍රමවේද ක්‍රියාවට නංවමින් අපගේ මෙහෙයුම් තවත් සාර්ථක කරගනිමින්, දීර්ඝ කාලීනව බැංකු ක්‌ෂේත්‍රයේ පෙරමුණේ සිටීම අපගේ ඉලක්‌කය යෑයි සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණය) තාරක රන්වල මහතා කියා සිටියේය.

Related posts

ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ යයි.

colombotoday

ලෙඩ ගොඩක්.. Kwid රථ 50,000 ක් ආපසු කැඳවයි

colombotoday

ඩොලරයක විකුණුම් මිල රු. 200.90යි

colombotoday

පෙට්‍රල් 20කින් ඩීසල් 7කින් මිල ඉහලට

colombotoday

ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි. “100% වාසිවෙන ගිවිසුම් ගහන්න බෑ” – ඇමති සුජීව

colombotoday

රන් මිල අඩු වෙයි

colombotoday