Colombo Today Local Newsextremism & terrorism activities

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

පසුගිය වසරේ පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන විශේෂ පොලිස් කණ්ඩායම් සහරාන්ගේ දේශනවලට සහභාගි වූ කාන්තාවන් පිරිසක් සොයා ගැනීම සඳහා දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවකුගෙන් දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරගෙන යති.

මේ අනුව ඉදිරි දින කීපය ඇතුළත කාන්තාවක අත්අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩ තිබෙන බව පොලිසිය කියයි.

ගිය වසරේ ‘පාස්කු ඉරිදා’ සිදුකළ බෝම්බ ප‍්‍රහාර පිළිබඳව පොලිස් විමර්ශන කණ්ඩායම් 11ක් යොදවා ඇති අතර මෙම පරීක්‍ෂණ අනුව ලැබෙන තොරතුරු ඔස්සේ සෑම සැකකරුවකුම අත්අඩංගුවට ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසූ බව ‘දිවයින’ පුවත්පත වාර්තා කර සිටියි.

Related posts

පාර්ලිමේන්තුවට මල්වඩමක්

colombotoday

මාවනැල්ලේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලයි

colombotoday

අගමැතිගෙන් ප්‍රශ්න නොකර හදන බැඳුම්කර වාර්තාව බාගෙට පිළිස්සු කේක් ගෙඩියක් – දප්පුලද ලිවේරා

colombotoday

මහනුවර ඇසළ පෙරහැරට සිව් මහාදේවාලවල කප් සිටුවයි

Admin

හොර චෙක් පත් වලින් සල්ලි ගත් තවත් අයෙක් කොටු වෙයි.

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ නිලවරණයට එරෙහිව වාරණ නියෝගයක්

colombotoday