Colombo Today Local News

අගමැතිගෙන් ප්‍රශ්න නොකර හදන බැඳුම්කර වාර්තාව බාගෙට පිළිස්සු කේක් ගෙඩියක් – දප්පුලද ලිවේරා

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ලේඛණයේ සදහන් අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු සාක්‍ෂිකරුවන් 20 දෙනාගෙන් සාක්‍ෂි විමසීම අත්‍යවශ්‍ය බව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් දප්පුලද ලිවේරා මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ බැදුම්කර කොමිසම ඊයේ දිනයේදී සිය සාක්‍ෂි විමසීම අවසන් කරන බව කියා සිටීමත් සමගයි.

අගමැතිවරයා ඇතුළු පිරිසගෙන් සාක්‍ෂි නොවිමසා කටයුතු අවසන් කිරීම අඩක් පිලිස්සූ කේක් ගෙඩියක් වනු ඇති බවද ජනතාව බලාපොරොත්තු වන්නේ සම්පුර්ණයෙන්ම පිලිස්සූ කේක් ගෙඩියක් බවත් ලිවේරා මහතා තව දුරටත් එහිදී සදහන් කලේය.

එහිදී කොමිසම කියා සිටියේ අගමැතිවරයාට ප‍්‍රශ්ණාවලියක් යොමු කර ඇති බවත් ඊට පිලිතුරු දිවුරුම් ප‍්‍රකාශයක් ලෙස ලබා ගැනීමට කටයුතු කරන බවත්ය.

Related posts

“අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන පිරිස් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතුයි”

colombotoday

නවයකන්ට අමානුෂික ලෙස පහර දුන් යාපනේ සරසවි සිසුන් 7කගේ පන්ති තහනම්

colombotoday

අදත් රටපුරා ඇදිරිනීතිය…

colombotoday

මීගමුවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයාට ජනතා විරෝධය

colombotoday

එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමේ තීරණයක්

colombotoday

වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට ඩො.මි. 50ක් නිදහස් කෙරේ

colombotoday