Colombo Today Local News

“අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන පිරිස් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතුයි”

මෙරට දේශපාලනය කරන අය අතර සිටින අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන සහ රටට ආදරය කරන පිරිස් ඒකරාශී කරගනිමින් පුළුල් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම බලවේගය තුළින් රටේ අනාගතය අභිවෘද්ධිය සඳහා කටයුතු කළ යුතු බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය, පොහොර, ගෑස්, බඩුමිල ආදී සියලු ගැටලු සම්බන්ධයෙන් කිසිවෙකුත් ඇඟ බේරා නොගෙන එකිනෙකාට ඇඟිල්ල දිගු නොකරමින් රජය සිය වගකීම ඉටු කළ යුතු බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (8)දින පැවති රණවිරු ප්‍රතිභා ප්‍රණාම සම්මාන උළෙලට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

සියලු ජාතීන්ගේ සමඟි සන්ධානය මගින් 28 වැනි වරටත් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

රටේ ගොවි ජනතාව තවමත් පොහොර නොමැතිව දුක්ඛිත තත්වයක පසුවන බව කී හිටපු ජනාධිපතිවරයා සෑම තැනකම ගෑස් සිලින්ඩර් පුපුරායාමෙන් ද ජනතාව පීඩාවට පත්ව සිටින බව ප්‍රකාශ කළේය.

දැනට තිබෙන ප්‍රධාන ප්‍රශ්න විසඳා රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් රජය සිය වගකීම ඉටු කළ යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා රජයට අවශ්‍ය සහයෝගය ලබාදීමට තම පක්‍ෂය කටයුතු කරන බව ද කීවේය.

Related posts

තියුණු ආයුධයකින් පහර දී අකුරැස්සේ පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday

මොරගල්ල මුහුදේ දියනෑමට ගිය පස්දෙනෙකු දියවැලකට හසුවෙයි

colombotoday

කුණ්ඩසාලේ දේපල වෙන්දේසිය පුවත පිලිබඳව හැටන් නැෂනල් බැංකුවෙන් කරුණු පැහැදිලි කිරීමක්.

colombotoday

“ගම්මන්පිල හැලියෙත් කිඹුල්ලු දකිනවා.. පොලිස්පති පත් කිරීම නීත්‍යානුකූලයි” – නිශාන්ත වර්ණසිංහ

colombotoday

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් 27වනදා දිවයිනට

colombotoday

ලංකාව – මාලදිවයින අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීමට අනුමැතිය

Admin