Colombo Today Local News

හොර චෙක් පත් වලින් සල්ලි ගත් තවත් අයෙක් කොටු වෙයි.

රුපියල් මිලියන 43ක ව්‍යාජ චෙක් පත් ඉදිරිපත් කර ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනය කරන ආයතනයක නමින් පවත්වාගෙන යන ගිණුමකින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊයේ (04) දිනයේ එම සිද්ධියට අදාළ ඇඹිලිපිටිය ප්‍රදේශයේ 49 හැවිරිදි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (5)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පසුගිය අප්‍රේල් 12 වනදා එම වංචාව සිදුකර තිබුණි.

Related posts

ජනාධිපති හා නීතිපති අතර තීරණාත්මක සාකච්ඡාවක්… අගමැති ඉවත් කිරීමට උපදෙස් පතයි

colombotoday

කිරිඇල්ල නොනැවතී ඉදිරියටම.. වයස නොසලකාහැර පත්වීමක් දෙන්නැයි තවත් ලිපියක්

colombotoday

වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරු දෙකක්

colombotoday

මංගල උත්සවයේදී මනාලියගේ සොයුරා ඇඳ වැටී මිය යයි

colombotoday

අද සිට අතුරු මාර්ගවල පොලිස් මෙහෙයුම්

colombotoday

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ලංකාව

colombotoday