Colombo Today Local News

සයිටම් තීන්දුව ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක්… වෛද්‍ය සභාවට නොතීසි…

තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අධිකරණයෙන් තීන්දුවක් දී තිබියදී එය ක්‍රියාත්මක නොකිරීමෙන් එම සභාව අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් සයිටම් වෛද්‍ය උපාධිධරයකු ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන නොවැම්බර් 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් අභියාචනාධිකරණය අද (11) වෛද්‍ය සභාවට එරෙහිව නොතීසි නිකුත් කළේය.

සයිටම් වෛද්‍ය උපාධිධරයකු ලියාපදිංචි කිරීමට ලබාදුන් අධිකරණ තීන්දුව කියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි කියමින් එම උපාධිධාරි වෛද්‍ය සිසුවිය ගොනු කළ පෙත්සමක් සළකා බලමින් අභියාචනාධිකරණය මෙලෙස නොතීසි නිකුත් කළේය.

අභියාචනාධිකරණ සභාපති පී.සූරසේන සහ අර්ජුන් ඔබේසේකර යන මහත්වරුන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දන ලදී.

Related posts

හදිසි සේවක වර්ජනයෙන් ගුවන්තොටුපළ කටයුතු අඩාලයි

colombotoday

කොටින්ගේ ගුවන් පථ හයක් යළි බාර දී ඉවත් වෙන්නැයි හමුදාවට දැඩි බලපෑම් !!

colombotoday

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද 3කින් පරාදයි

colombotoday

“පළාත් සභා ඡන්දය අවුරුද්දකින් කල් දැම්මා” – අගමැති

colombotoday

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

[Video] බොදු බල සේනාව ජනපති හමුවී ඉල්ලුවේ මොනවාද?

colombotoday