Colombo Today Local News

[Video] බොදු බල සේනාව ජනපති හමුවී ඉල්ලුවේ මොනවාද?

bbs my32ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බොදුබල සේනා සංවිධාන නි‍යෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ 18 ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ජනපතිවරයා සමග පෞද්ගලික මට්ටමෙන් පැවැත්වූ මෙම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් පැවසුවේ රට පුරා හිස ඔසවන ඉස්ලාමීය වහාබ්වාදය සහ පසුගිය සමයේදී තම සංවිධානය විසින් අනාවරණය කළ, මේ වනවිට රාජ්‍ය බුද්ධි අංශ වලින් පවා ‍තහවුරුකරගෙන ඇති විශේෂ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බවයි.

උතුරේ අවතැන් වූ සිංහල ජනතාව යළි පදිංචි කිරීමේ කටයුතු සහ පසුගිය රජය සමයේ ආරම්භකල, මේ වනවිට රජයේ අවධානයෙන් ගිලිහී ඇති වව්නියාව බෝගස්වැව සිංහල ගම්මානයේ ජනතාවගේ ආරක්ෂව තහවුරුකර පහසුකම් සැපයීම පිළිදව ජනපතිවරයාගේ අවධානයට යොමුකළ බව උන්වහන්සේ සදහන් කළා.

අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් ඤාණසාර හිමියන් වැඩි දුරටත් දැක්වූ අදහස් පහත පරිදිය

Related posts

හොරණදී වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

colombotoday

උතුම් බක් පුර පොහොය අදයි…

colombotoday

වයඹ පළාත් ගුරු සේවයේ සම්මුඛ පරීක්ෂණ : මුස්ලිම් ජාතිකයන්ට හිටපු ආණ්ඩුකාර මුසම්මිල් වැඩි අවස්ථාවක් දීලා

colombotoday

අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම අවසන්

Admin

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද

colombotoday

යාපනයේදී ලංගම බස් රථයක් පෙරළී 20කට තුවාල

colombotoday