Colombo Today Local News

සංහිදියා ඇමති, විදුලිබල ඇමති, බස්නාහිර ආණ්ඩුකාර ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට වැලිකඩට

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා විදුලිබල අමාත්‍ය රවී කරුණානායක, ජාතික සංහිදියා අමාත්‍ය මනෝ ගනේෂන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් අද (2019/02/21) වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණයහ.

එම අවස්ථාවේදී “නොකළ වැරදි චෝදනා පත්‍රයට ඇතුලත්කර ඒවා අධිකරණය තුල ඔප්පු කර තමන්වහන්සේව අසාධාරණ ලෙස සිරගත කිරීමට කටයුතු යෙදුනු” බව අමාත්‍යවරුන්ට ඥානසාර හිමි පෙන්වා දී ඇති අතර එදා අධිකරණ ශාලාව තුල මහේස්ත්‍රාත්වරයා සහ තමන් වහන්සේ අතර ඇතිවූ කතා බහ ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලය තුල සැරිසරන බවත් එය නරඹා සත්‍ය තේරුම්ගත හැකි බවත් පවසා ඇත.


Related posts

මඩකලපුව සරසවිය හිස්බුල්ලාට දෙනවාට අංශු මාරසිංහගේ විරෝධය

colombotoday

උඩරට විවාහ හා දික්කසාද පනත් කෙටුම්පත ගැසට් කෙරේ..

colombotoday

Mars චොකලට්වල ප්ලාස්ටික්.. කන්න එපා.. රටවල් 52කින් ආපසු කැදවයි

colombotoday

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

Admin

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මරා දැමීමේ සැලසුමක් ?

colombotoday

රටම බලා සිටින පෙත්සම විභාගය ඇරඹෙයි…

colombotoday