Colombo Today Local News

ඉ-හෙල්ත් කාඩ්පත ජනගත කිරීම ඇරඹේ…

ඊ-හෙල්ත් කාඞ්පත හදුන්වාදීමේ පළමු වැඩසටහන අද කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වනවා.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව, අද පෙරවරු 9.00 ට කළුතර මහ රෝහලෙන්ද, පෙරවරු 11.00 ට බේරුවල මුලික රෝහලෙන්ද, පස්වරු 1.00 ට බණ්ඩාරගම දිසා රෝහලෙන්ද එය ආරම්භ වනු ඇති.

විදේශිය ආයෝජනයක් මත ඊ-හෙල්ත් කාඞ්පත මෙරටට  හදුන්වා දෙන අතර, එහි පළමු අදියර යටතේ රෝහල් 200 ක් සඳහා මෙම කාඞ්පත් නිකුත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, කාඞ්පත හඳුන්වාදීමෙන් පසු මාස 06 ක් තුළ සියලු ශ්‍රී ලාංකිකයින්ට ඊ-හෙල්ත් කාඞ්පත ලබාදීමට කටයුතු කරන බවයි. 

අදාළ රෝගියාගේ සියලුම වෛද්‍ය වාර්තා, සහ දත්ත මෙම කාඞ්පතට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

කිසියම් රෝගියෙකු රෝහල වෙත සිහිසුන්ව පැමිණියද ඊ-හෙල්ත් කාඞ්පත භාවිත කරමින් ප්‍රතිකාර කිරීම ආරම්භ කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඊට අමතරව දිවයින පුරා සියලුම රෝහල් පරිගණක ගත කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබෙනවා.

දිවයිනේ රෝහල් 300 ක පමණ මෙම වසර අවසන් වන විට පරිගණක ගත කිරීමයි රජයේ බලාපොරොත්තුව වී ඇත්තේ.

Related posts

නව ව්‍යවස්‌ථාව නිරීක්‍ෂණයට ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද දිවයිනට

colombotoday

අනාගත ශ්‍රීලනිප නායකයා මමයි… මහමැතිවරණයේදී මට විතරක් මනාප දෙන්න – දයාසිරි

colombotoday

ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368ක් !

colombotoday

විමල්ට, දිනේෂ්ට, ඩලස්ට, උදයට මැයි 1 දා ශාලිකා පිටිය තහනම්

colombotoday

ගෝඨාට ඇමරිකාව අකමැති බව කිවුවේ නෑ…මාධ්‍යවල පළවන කතා බොරු. විශේෂ නිවේදනය මෙන්න

colombotoday

මොන භාරකාර ආණ්ඩුව පිහිටෙව්වත් රට විකුණන අය එක්ක මම එකතුවෙන්නෑ….

colombotoday