Colombo Today Local News

වෙලේ සුදා – පොට්ට නව්ෆර් – කන්ජිපානි බූස්ස බන්ධනාගාරයට

වැලිකඩ හා දුම්බර බන්ධනාගාරවල රඳවා සිටි මරණ දඬුවම නියමවූ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සහ මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් නැමැත්තන් වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි.

ඒ සමඟම ඉකුත් දා සිරදඬුවම් නියමවූ කන්ජිපානි ඉම්රාන් නැමැත්තා ද බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇත.

මොවුන් තිදෙනා පොලිසියේ සහ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ බූස්ස බන්ධනාගාරයට මාරුකර යැවූ බවද ඔවුන් දැඩි ආරක්ෂාව යටතේ එහි රඳවා ඇති බවද බන්ධනාගාර කොමසාරිස් (පාලක) බන්දුල ජයසිංහ මහතා පැවැසීය.

බන්ධනාගාරගතව සිට මත්ද්‍රව්‍ය  ජාවාරම්වල යෙදෙන බවට  බන්ධනාගාර බුද්ධි අංශ මගින් ලබාදී ඇති වාර්තා අනුව තවත්  සිරකරුවන් රැසක් ඉදිරි දිනවල මාරුකර යවන බවද ඒ මහතා කීය.

Related posts

කුරුණෑගල ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක්

Admin

භාරකාර රජයේ ඇමති මණ්ඩලයට ජනපතිගෙන් කොන්දේසි මාලාවක් !

colombotoday

බොර තෙල් මිල පහළට

Admin

ජනපති කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නැහැ – ජොන්ස්ටන්

colombotoday

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

colombotoday

චෝදනා, විවේචනවලට වික්ටර්ගෙන් සැර පිළිතුරක් !

colombotoday