Colombo Today Local News

ගෝඨාගෙන් අගරඳගුරුතුමන්ට සහතිකයක්

කතෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු රංජිත් කාදිනල් තුමා 2019 අප්‍රෙල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් නිකුත්කර තිබූ නිවේදනය කෙරෙහි තමාගේ අවධානය යොමු කළ බව පවසා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

මුළු රටම කම්පනයට පත් කරමින් අහිංසක ජනතාව මරුමුවට හා අතිබිහිසුණු ලෙස තුවාල සිදු කරමින් පාස්කු ඉරිදා සිදුවූ මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය නිසා මිය ගිය අයගේ ඥාතීන් සහ පීඩනයට පත්වී ඇති ජනතාවගේ ඉල්ලීම තවමත් ඉටු නොවීම නිසා කාදිනල් තුමා පත්වී ඇති අපහසුතාව සහ පීඩනය තමනට තේරුම් ගත හැකි බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

අගරදගුරු හිමිපාණන් සිය නිවේදනය මගින් ඉල්ලා සිටිනුයේ මෙම ප්‍රහාරය පිටුපස සිටි සහ ඒ සඳහා කුමන්ත්‍රණය කළ අය, සංවිධානය කළ අය, ඊට අනුග්‍රහය දැක්වූ අය, වගකීම් පැහැර හැර සිය රාජකාරිය ඉටු නොකළ අය, සැකකරුවන් අත්අඩංගුවට නොගෙන හෝ ගෙන නිදහස් කළ අය, සෙවීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සහ වැරැදිකරුවන් වන අය නීතියේ අධිපත්‍යයේ යටතට ගෙනඒමට බලයත් ජනතා අධිකාරී බලයක් ඇති ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි.

අගරදගුරු හිමිපාණන් මෙම ඉල්ලීම කරනු ලබන්නේ පීඩනයට පත් සිය කතෝලික ජනතාව සම්බන්ධයෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හිත සුව පිණිස බව තමන් තරයේ විශ්වාස කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එපමණක් නොව මෙවැනි ව්‍යසනයක් ඉදිරියේදී ඇති නොවීමට වගබලා ගන්නා ලෙසද අගරදගුරු මෙම ඉල්ලීම මගින් අවධාරණය කර තිබේ.

රට තුළ තිබූ අවුරුදු 30ක කුරිරු ත්‍රස්තවාදය අවුරුදු 3ක් තුළ අවසන් කිරීමට මූලිකවම දායක වූ තමන් ද මෙම කරුණ හොඳින් වටහා ගෙන ඇති අතර රජයෙන් ඉල්ලා සිටිනු ලබන්නේ කාදිනල් තුමා විසින් කලක් තිස්සේ කරනු ලබන මෙම සාධාරණ ඉල්ලීම ඉටු කරන ලෙස බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ එක්ව ක්‍රියාකර කුරිරු ත්‍රස්තවාදය පරාජය කරමින් රටේ ජනතාවට බියෙන් සැකෙන් තොර නිදහසේ ජීවත්වීමේ අවස්ථාව සලසාදීමට හැකි වූ බව රටේ ජනතාව හොඳින්ම දන්නා කරුණකි.

කාදිනල් රංජිත් හිමිපාණන් ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙස කර ඇති සාධාරණ ඉල්ලීම ඉදිරියේදී සිය රජයක් බලයට පත්වූ විට නොපමාව ඉටු කිරීමට පමණක් නොව මේ රටේ සමස්ථ ජනතාවටම ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් තොර රටක් තුළ බිය සැක නොමැතිව නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබා දෙන බවද ඉඳුරාම ප්‍රකාශ කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

මිළ වැඩිකරන තුරු කිරිපිටි සමාගම් වරායෙන් තොග නිදහස් කර ගැනීම අත්හිටුවයි… රට පුරා කිරිපිටි හිගයක්…

colombotoday

නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු චූදිතයින් ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස්

colombotoday

සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් ඇනවුම් කරයි

colombotoday

මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති ධූරය යළිත් ජගත් පුෂ්පකුමාරට

colombotoday

ට්‍රෑෆික් දඩ ගෙවන්න සහනයක්

colombotoday

පැමිණීමට පෙර රසායනික කාන්දුව ගැන ගිනිගත් නැව කොළඹ වරායට දන්වා නැහැ

colombotoday