Colombo Today Local News

චෝදනා, විවේචනවලට වික්ටර්ගෙන් සැර පිළිතුරක් !


තමන්ගේ දෙවන විවාහය සම්බන්ධයෙන් තම පුතුන් දෙදෙනා හා අන්තර්ජාලය ඔස්සේ පලවන විවේචන සම්බන්ධයෙන් ප‍්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතා මෙසේ අදහස් පලකර තිබෙනවා.

මාව මේ රටේ මිනිස්සු අඳුර ගත්තේ සංගීත වේදියෙකු ලෙසයි. මම ඔවුන්ට සෑමවිටම සාධාරණය ඉටු කරලා තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් මොහොතක් හෝ සතුටට පත් කර තියෙනවා. ඒ කියන්නේ මම සහ ල්රසිකයන් අතර තියෙන සම්බන්ධකමට කිසිවිටෙක අසාධාරණයක් කරලා නැහැ. නමුත් සමහර සමාජ මාධ්‍ය ඔස්සේ මේ සිද්ධියේදී මගේ පෞද්ගලිකත්වයට සීමාව ඉක්මවා මැදිහත් වනවා. දෙවන කාරණය මෙවැනි සිද්ධියකට හේතු පාදක වූ කරුණු ගැන කිසිත් නොදැන මාව විවේචනය කිරීමයි. ගොඩක් යට ගැටලුව වී තියෙන්නේ මගේ වයස සහ ඇයගේ වයස අතර පවතින පරතරයයි. මට අහන්න තියෙන්නේ ලංකාවේ මෙවැනි විවාහයන් සිදුවෙලාම නැද්ද? මේක පළමු අවස්ථාවද?

මෙතැනදී මම ප්‍රසිද්ධ නිසා මෙය මේ තරම් උලුප්පනවා. මගේ බිරිඳ වියෝවෙලා වසර 13ක් වෙනවා. මම එයා ඉන්නකාලේ , එයාව අතහැරලා විවාහයක් කරගත්තනම් එක වරදක්. නමුත් මම එහෙම කරලා නැහැ.ඕනෑම සත්වයෙක්ට ආදරය කරුණාව අවශ්‍යයි. එකට වයස, ජාති , කුල, මල, සීමා නැහැ. මිනිසුන්ට මාව විවේචනය කරන්න අයිතියක් තියෙනවා. ඒ ඔවුන් සහ මා අතර පවතින සංගීතය පිළිබඳව කාරණයේදී. එහෙම නැතුව මගේ පෞද්ගලික ජීවිතය, දරුවන් ගැන අලලා විවේචන ඉදිරිපත්කිරීම ගැන මම කනගාටු වෙනවා.ඔය සදාචාරය, සංස්කෘතිය ගැන කතා කරන යට කියන්න තියෙන්නේ කරුණා කරලා ලංකාවේ ළමා අපචාර, මත්ද්‍රව්‍ය, ජනතාව රවටන දේශපාලනය, කාන්තා හිංසනය,ඇතුළු රට වනසන දේ ගැන කෑ ගහන්න. නැතුව මිනිහෙක්ගේ අතිශය පෞද්ගලික කාරනා ගැන මොරදීල ෆේස්බුක් එකේ වීරයන් වෙන්න එපා.මනුෂ්‍ය ස්වභාවය තේරුම් ගන්න බැරි මිනිසුන්ට මේක ලොකු මාතෘකාවක් වුනාට බුද්ධිමත් රසිකයන් මේ ගැන මධ්‍යස්තව හිතන බව මම දන්නවා. මගේ පෞද්ගලිකත්වය විවේචනය නොකර මගේ සංගීතය විවේචනය කරන්න.

Related posts

පාසල් දරුවන් මත් කරන්න ගෙනා මත්දුම් කුඩු කුප්පි 70000ක් රේගුවෙන් පන්නයි !

colombotoday

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් අවසන්

Admin

ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන්….

colombotoday

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

උණුසුම මැද ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණේ

colombotoday

පෙබරවාරි දහ වැනිදායින් පසුව පාරට බහිනවා – ජනපති

colombotoday