Colombo Today Local News

වන්නි මෙහෙයුමේ සෙන්පතියන් විදේශයන්හිදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්…

වන්නි මෙහෙයුම ක්‍රියාත්මක කළ ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් 56 දෙනකු විදේශයන්හිදී අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අධිකරණ සම්මුති ක්‍රියාත්මක කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ උපදේශකවරියක්‌ වූ යස්‌මින් සූකා බටහිර රටවල් වෙත එම හමුදා ප්‍රධානීන්ගේ නාම ලේඛනයක්‌ ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත.

 මෙම නාම ලේඛනයට වන්නි මෙහෙයුමේ සියලු හමුදා සේනාංක ප්‍රධානීන්ගේ නම් ඇතුළත් වී තිබේ.

 එම නම් අතර කමල් ගුණරත්න, චාගි ගාල්ලගේ, ප්‍රසන්න සිල්වා, ශවේන්ද්‍ර සිල්වා, ජගත් ජයසූරිය යන මේජර් ජනරාල්වරුන්ගේ නම්ද ඇතුළත්ව තිබේ.

 මෙම හමුදා පිරිසට යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා යස්‌මින් සූකා කටයුතු කර ඇත්තේ කොටි ඩයස්‌පෝරාවේ ඉල්ලීම මත බව හෙළිව තිබේ.

 එම හමුදා ප්‍රධානීන්ට එල්ල වී ඇති චෝදනාවල සාක්‍ෂිකරුවන් වී ඇත්තේ හිටපු කොටි හමුදා නායකයන්ය.

දිවයින

Related posts

විදුලිබල මණ්ඩල සේවකයන් ප්‍රසාද දීමනාව අත්හරී

Admin

මදුෂ් එනතුරු ආරක්ෂක අංශ කටුනායක සීරුවෙන් – ගුවන් තොටුපල අවට ආරක්ෂාවත් දැඩි කෙරේ

colombotoday

වාහන මිල තවත් ඉහළට !

colombotoday

පියා පුතුව දැලිපිහියෙන් කපලා

Admin

අද හයිඩ් පාක් රැළියට මම එනවාමයි

colombotoday

විදේශ අමාත්‍යංශයේ අවසරය මත ඉන්දියාවේන් එන ගුවන්යානය

colombotoday